හොඳම නිළිය සම්මානය ගන්න එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව
( ඩිලාන් ක්‍රිෂාන්ත ) 2017-04-21 12:25:52
Comments - 0       Views - 273

මේ වන විට සිනමා සිත්තමකට දායක වී ඇති ඇය ටෙලිනාට්‍ය සහ දැන්වීම් හරහාද ඔබ හමුවට පැමිණේ. ඇය චතූ රාජපක්ෂයි. මේ දිනවල පුංචි තිරය තුළ නිතර දකින වෙළෙඳ දැන්වීම් කිහිපයක් සඳහාද ඇය දායක වී සිටියි. කෙටි කලකින් ක්‍ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් චතූ ඇගේ ඉදිරි බලාපොරොත්තු හා ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් පැවසීමට ‘අද’ කතාබහට මෙලෙසින් සම්බන්ධ කර ගතිමු.

Q මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මම මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. ඒ සුසිල මොබයිල් ටීවී එකේ ටෙලි ඩ්‍රාමා එකක වැඩකටයුතු නිසා. ඊට අමතරව සුරංග අල්විස් අයියාගේ චිත්‍රපටයකටත් සම්බන්ධ වෙලා වැඩකටයුතු කරනවා. රූපවාහිනී දැන්වීම් දෙකක් වගේම මියුසික් වීඩියෝ තුනකටත් දායක වෙලා තියෙනවා. ඉදිරියේදී ඒවා ප්‍රචාරය වීමට නියමිතයි. ඊට අමතරව තව වෙළෙඳ දැන්වීම කිහිපයක් සඳහාත් ආරාධනා ලැබිලා තියෙනවා.

Q කලාවට එකතු වෙලා කොපමණ කාලයක් වෙනවද?

මම කලාවට එකතු වුණේ 2016 මාර්තු මාසයේදී. හැබැයි මේ වෙද්දි ලොකු වෙනසක් වෙලා තියෙනවා.

Q ඒ කියන්නේ මේ කෙටි කාලයේදී ලොකු වැඩකොටසක් කරලා තියෙනවාද?

ඔව්, අනිවාර්යයෙන්ම.

Q ඒ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. ක්ෂේත්‍රයේ ලොකු තැනක් නැතත්, සාමාන්‍ය තත්ත්වයක සිටීම ගැන සතුටක් තියෙනවා.

Q දැනට දායක වෙලා තියෙන නිර්මාණ කටයුතු මොනවාද?

චතුර අයියාගේ 'දැන් සතුටු වෙනවද ඔයා' , 'පොඩි අඩුපාඩු'  කියලා මියුසික් වීඩියෝ දෙකක් කළා. ඒ වගේම විරාජ් අයියාගේ අලුත් වැඩක් මේ ළඟදී කළා. රූපවාහිනී දැන්වීම් ගත්තොත් හොන්ඩා navi, දම්රෝ, වානේ කම්බි සහ සුසිල මොබයිල් ටීවී එකෙත් දැන්වීමක් කරලා තියෙනවා.

Q ඔබ ටෙලිනාට්‍යයකට දායක වෙනවා කිව්වා. ඒ ගැන කිව්වොත්?

සුසිල මොබයිල් ටීවී එකේ ටෙලිනාට්‍යයකට දායක වෙනවා. මම එහි විසේකාර වගේම පිරිමි ළමුන් රවට්ටන චරිතයකට තමයි දායක වෙන්නේ. ඇත්ත ජීවිතේ නම් එහෙම නෑ.

Q සිනමාව පැත්තෙන් දායක වූ නිර්මාණ ගැන කතා කළොත්?

මම මුලින්ම කළේ සිවදාසන් සර්ගෙ 'පාටක් නැති ආදරයක්' චිත්‍රපටයයි. එය අප්‍රේල් මාසයෙන් පසු තිරගත වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම සුරංග අල්විස් අයියාගේ චිත්‍රපටයකුත් කළා.

Q කලාවට එකතුවීම පොඩි කාලේ ඉඳන්ම තිබුණ ආසාවක්ද?

මම පොඩි කාලේ ඉඳන්ම හිතාගෙන හිටියෙ නර්තනය පැත්තෙන් ඉදිරියට යනවා කියලා. ඒ ගැන තමයි ගොඩක් ආසව තිබුණෙ. ලොකු වෙද්දි ඒක වෙනස් වෙලා හොඳ නිළියක් වෙන්න තමයි ආසාව තිබුණේ.

Q ඔබ රංගනයේ හා නිරූපණයේ නියැළෙන්නේ වෘත්තීමය වශයෙන්ද?

ඔව්. මම එය වෘත්තීය වශයෙන් කරනවා.

_58A6184

Q මේ දේවල්වලට පවුලේ අයගෙන් ලැබුණ ප්‍රතිචාරය මොන වගේද?

මුලදි නම් අම්මාගේ, අප්පච්චිගේ පොඩි බයක් තිබුණා. මම කරන වැඩකටයුතු තෝරලා බේරලා කරන නිසා දැන් ඒ අයට බයක් නැහැ. දැන් මගේ පවුලේ අයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.

Q ක්ෂේත්‍රය පිළිබඳ දෙමාපියන්ට බයක් ඇතිවෙන්න හේතු වුණේ කුමක් කියලද ඔබ හිතන්නේ?

නිරූපණය කියන දේ ගොඩක් අය හිතන්නේ වැරදි දෙයක් විදියට. ඒ සමහර අය කරන වැඩ නිසා වෙන්න පුළුවන්. මම හිතන්නේ දැන් එයාලට බයක් නෑ. එයාලගේ ආසාව මම ඉදිරියට යනවා බලන්න තමයි.

Q ඔබ මේ පැමිණි ගමනට හේතුව දක්ෂතාවයද? වාසනාවද?

මම හිතන්නේ මම ඉදිරියට යන්න එකම හේතුව මගේ දක්ෂතාවය.

Q ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න දක්ෂතාව විතරක්ම ප්‍රමාණවත්ද?

අනිවාර්යයෙන්ම ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම දක්ෂතාවය සහ කැපවීම තියෙන්න ඕන. මගේ කැපවීම මම මේ තැනට එන්න හේතුවක් ලෙස මම දකිනවා.

Q ක්ෂේත්‍රයට එන්න ඔබ යම්කිසි දේවල් කැප කරන්න ඇති. ඒ ගැන දුකක් නැද්ද?

මම හේලීස් එකේ රැකියාවක් කළා. රැකියාවෙන් අයින් වෙලා මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ ලොකු කැපවීමක් කරලා.  ඒ වගේම සමහර දවස්වල උදේ පාන්දර නැගිටලා රූගත කිරීම් වලට යනවා. ආයෙත් එන්නේ පාන්දර 2ට 3ට. ඒ වගේ සාමාන්‍ය දේවල් කැප කරන්න වෙනවා.

Q රැකියාව අත්හැරලා ක්ෂේත්‍රයට එක්වෙද්දී, ස්ථාවරත්වයක් හදාගැනීම අභියෝගයක් වුණේ නැද්ද?

අනිවාර්යයෙන්ම අභියෝගයක් වුණා. අපි කරන සමහර දේවල්වලට හැමෝම හොඳ ගෙවීමක් කරන්නේ නෑ. මේක විනෝදාංශයක් විදියට කරන අයත් ඉන්නවා. වෘත්තියක් ලෙස කරන අයත් ඉන්නවා. මම නම් හිතන්නේ අපි මහන්සි වෙන තරමට අපිට ගෙවීමක් කරනවා නම් හොඳයි. එහෙම කළොත් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ.

_58A6148

Q විනෝදාංශයට යැයි කියා ක්ෂේත්‍රයට එක්වන අය නිසා වෘත්තීය වශයෙන් ක්ෂේත්‍රයේ ඉන්න පිරිසට අඩුපාඩුකම් සිදුවෙනවාද?

අප තවමත් ආධුනික නිසා අපිට තවමත් හරිහැටි ගෙවීමක් කරන්නේ නැහැ. මම හිතනවා අපි ක්ෂේත්‍රයේ යම් තැනක් හදාගත්තාම අපිට හොඳ වටිනාකමක් ලැබෙයි කියලා.

Q වටිනාකමක් හදාගන්න පුළුවන් වෙන්නේ ඉල්ලුම හා දක්ෂතාව මතද?

මගේ දක්ෂතාවයෙන් තමයි මගේ වටිනාකම තීරණය වෙන්නේ.

Q ඉදිරි කටයුතු සහ බලාපොරොත්තු මොනවාද?

මම අධ්‍යක්ෂකවරයෙක් වෙන්න ආසයි. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මම හොඳ රංගන ශිලිපිනියක් වේවි කියලා.  හොඳම නිළිය සම්මානය ගන්න එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.

Q ඔබ ක්ෂේත්‍රය පිළිබඳව හැදෑරීමක් කරලා තියෙනවාද?

මම Catwalk එකේ නිරූපණය පිළිබඳව හැදෑරීමක් කළා. දැන් නිරූපණය පැත්තෙන් ටිකක් ඈත්වෙලා රංගනය පැත්තට තමයි යොමුවෙලා ඉන්නෙ.

Q සහාය දුන් මතක් කළයුතු පිරිසක් ඉන්නවාද?

මගේ ළඟ නැතිවුණත් මගේ පිටුපස ඉඳන් මගේ අම්මා මට සහයක් ලබාදෙනවා. මට ක්ෂේත්‍රයට එන්න මුලින්ම අතහිත දුන්නේ ස්වාධීන රූපවාහිනියේ අනුර ජයසේකර අයියා. ඉන්පසු මට ගොඩක් උදවු කළා සිවදාසන් සර්. චතුර අයියා, ශෙනාල් අයියා, ධනුෂ්ක වගේම මගේ යහළුවන් මට ලොකු සහයෝගයක් ලබාදෙනවා.

_58A6149 _58A6171

හොඳම නිළිය සම්මානය ගන්න එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :