මුදල් වංචා කළ විදේශ රැකියා නියෝජිතයෙක් අත්අඩංගුවට
( අද කර්තෘ මණ්ඩලය ) 2017-04-21 11:49:31
Comments - 2       Views - 196

පුවත්පත් දැන්වීම් මගින් සීෂේල්ස් රාජ්‍යයේ රැකියා දෙන බවට පවසමින් පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මෙම ආයතනය කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති අතර මෙසේ පැමිණෙන රැකියා අපේක්ෂිතයන්ගෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් මෙම පුද්ගලයා වංචාකර ඇතැයි එම කාර්යාංශය පවසයි.

2016 වසරේ අගෝස්තු මාසයේ සිට 2017 වසරේ පෙබරවාරි මාසය දක්වා මෙම ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර හදිසියේම මෙම ආයතනය වසා දැමීමත් සමග මෙම ආයතනය පිළිබඳ තමන්ට පැමිණිලි ලැබුණු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම ලැබුණු පැමිණිලි මත ක්‍රියාත්මකවූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ අංශය විසින් වලස්මුල්ල ප‍්‍රදේශයේදී මෙම ආයතනයේ කළමනාකරු ලෙස පෙනී සිටි නිහාල් රණසිංහ නැමැති මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලද බව එම කාර්යාංශය පවසයි.

ඒ අනුව අත්අඩංගුවට පත් මෙම සැකකරු අද (21දා) මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල් වංචා කළ විදේශ රැකියා නියෝජිතයෙක් අත්අඩංගුවට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by Ruwan on (2017-04-21 01:32:30)

Definitely he will give the JOBS in CEYSHELLS by considering his HIDING place of WALASMULLA. One of the notorious town where I worked for 2 years with log of difficulties.

Posted by malik on (2017-04-21 02:48:59)

How these culprits sneaked through the strict law imposed by the government and played innocence money. Give the culprit maximum punishment.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :