කැලණි ගඟට දෙදෙනෙකු බිලි
( අද කර්තෘ මණ්ඩලය ) 2017-04-21 09:48:35
Comments - 0       Views - 236

කැලණි ගඟේ ගිරිදර කපුගොඩ තොටුපළෙන් දියනෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (20දා) දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි දොම්පේ පොලීසිය පවසයි.

මෙසේ දිය නෑම සඳහා පුද්ගලයන් කිහිපදෙනෙකු ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු දියේ ගිලෙනු දැක පසුව බේරාගෙන දොම්පේ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්‍ෂයට පත්ව තිබිණි.

මෙසේ ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 29 හා 27 හැවිරිදි හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් දොම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කැලණි ගඟට දෙදෙනෙකු බිලි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017