ඔස්ට්‍රේලියා පුරවැසිභාවය සඳහා නීති බලගැන්වෙයි
( නරේන් විශ්වජිත් ) 2017-04-20 19:08:50
Comments - 0       Views - 380

ඔස්ට්‍රේලියාව තුළ පුරවැසිභාවය ලබාගැනීමේදී අනුගමනය කෙරෙන සංක්‍රමණික නීති දැඩි කිරීමට එරට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව, ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගන්නා අයෙකු ඉංග්‍රීසි භාෂාව මෙන්ම, ඔස්ට්‍රේලියානු සාරධර්ම සම්බන්ධයෙන් සිය දැනුම ඔප්පු කළ යුතු බවත්, ඔහු හෝ ඇය ස්ථිර පදිංචිකරුවෙකු ලෙස වසර හතරක් එරට තුළ සම්පූර්ණ කළ යුතු බවත් අගමැති මැල්කම් ටර්න්බුල් අවධාරණය කරයි.

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගැනීමේදී මෙතෙක් පැවති නීතියට අනුව වසරක ස්ථිර පදිංචියක් ඇති අයෙකුට වුවද ඒ වෙනුවෙන් ඉල්ලුම් කිරීමේ හැකියාව පැවතුණි.

ඔස්ට්‍රේලියාව තුළ රැකියා අපේක්ෂාවෙන් පැමිණෙන විදේශිකයන්ට වීසා නිකුත් කිරීමේ දැඩි ස්ථාවරයක් සම්බන්ධයෙන් එරට රජය නිවේදනය කර දින කිහිපයක් ගතවීමට මත්තෙන් මෙම නව නීති පද්ධතිය හඳුන්වාදෙනු ලැබීය.

විශේෂයෙන්ම වර්තාමනයේදී සංක්‍රමණික අර්බුද මෙන්ම, ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාවන්ද මෙම නීති බලාත්මක කිරීමට හේතු වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඒ අනුව, ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාදීමේදී එරට සාරධර්මවලට මෙන්ම, ආගමික නිදහසට ගරු කළ යුතු බවද අගමැතිවරයා අවධාරණය කරයි.

එමෙන්ම, දීර්ඝ කාලීන වීසා සඳහා වූ නීති තවදුරටත් බලගැන්වෙනු ඇති බවද එරට සංක්‍රමණ පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් මහතා පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියා පුරවැසිභාවය සඳහා නීති බලගැන්වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :