කිලෝ ග්‍රෑම් 500 බරින් හරි අඩක් ඉවත් කරලා
( නරේන් විශ්වජිත් ) 2017-04-20 22:00:24
Comments - 0       Views - 562

කිලෝ ග්‍රෑම් 500ක් වූ තම ශරීර බර අඩුකර ගැනීම සඳහා ඉන්දියාවේදී ප්‍රතිකාර ලබන ඊජිප්තු කාන්තාවගේ ශරීර බර ශල්‍යකර්මයකින් පසුව හරි අඩකින් අඩුවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

එමාන් අබ්ද් අටී නමැති මෙම කාන්තාවගේ පවුලේ ඥාතීන් පවසන්නේ කිලෝ ග්‍රෑම් 500ක බරකින් යුතු වූ ඇය වසර 25ක කාලයක් තම ශරීරය ඔසවා ගැනීමට නොහැකි වීමෙන් සිය නිවසේම හිරකාරියක වූ බවයි.

ඉන්දියාවේ, මුම්බායි නුවර සයිෆී රෝහලේදී ඇයව විශේෂ ශල්‍යකර්මයකට ලක්කර තිබූ අතර, දැනට මාස දෙකක කාලයක සිට ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

රෝහල් බලධාරීන් පවසන්නේ මේ වනවිට ඇයට රෝද පුටුවක ගමන් කිරීමට තරම් හැකියාවක් පවතින බවයි.

කෙසේ වෙතත්, තම දෙපයේ වාරුවෙන් නැගී සිටීමට තවත් කාලයක් ගතවනු ඇති බවද රෝහල් බලධාරීන් පවසයි.

ශල්‍ය වෛද්‍ය මුෆාසාල් ලක්දවාල්ගේ ප්‍රධානත්වයෙන් යුතු වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම විශේෂ ශල්‍යකර්මය සිදුකර ඇති අතර, ඇයගේ වත්මන් තත්ත්වය දැක්වෙන ඡායාරූප කිහිපයක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.

කිලෝ ග්‍රෑම් 500 බරින් හරි අඩක් ඉවත් කරලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :