පැනමා ගනුදෙනු හා ෂරීෆ් අතර සම්බන්ධයක් නැතිලු
( නරේන් විශ්වජිත් ) 2017-04-20 21:00:15
Comments - 0       Views - 241

පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් සිය ධුරයෙන් ඉවත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි සටහන් නොමැති බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබේ.

2015 වසරේදී හෙළිවූ පැනමා ලිපිගොනුවල අක් වෙරළ ගිණුම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ දරුවන් තිදෙනෙකුගේ නම් සඳහන්ව තිබීම මීට හේතුවයි.

ඒ අනුව, ෂරීෆ් පවුලේ ව්‍යාපාරික ගනුදෙනු සම්බන්ධයෙන් සැක මතු වුවත්, අගමැතිවරයා මෙන්ම, ඔහුගේ පවුලේ උදවිය මෙකී චෝදනා මුල සිටම තරයේ ප්‍රතික්ෂේප කරන්නට විය.

ඒ අනුව, පසුගිය කාලය පුරාවට මෙම නඩුව පාකිස්තාන මාධ්‍ය තුළ ප්‍රධාන ශීර්ෂ මැවූ අතර, මෙය අගමැතිවරයාගේ දේශපාලන අනාගතය තීරණය වන සංධිස්ථානයක් ලෙසද විචාරකයෝ සැලකූහ.

පැනමා ගනුදෙනු හා ෂරීෆ් අතර සම්බන්ධයක් නැතිලු සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :