මැතිව්ස්ගේ දිල්ලි වෝනර්ගේ කණ්ඩායමට පරදියි
( අද කර්තෘ මණ්ඩලය ) 2017-04-20 12:30:09
Comments - 0       Views - 634

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 21 වැනි තරගය ලෙසින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර ඊයේ (19දා) පැවැති තරගයෙන් ලකුණු 15ක ජයක් වාර්තා කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.

ඩේවිඩ් වෝනර්ගේ නායකත්වයෙන් යුත් හයිදාබාද් කණ්ඩායම රජිව් ගාන්ධි ක්‍රීඩාංගණයේ මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 191ක් රැස්කළේය.එහිදී ශිකර් දවාන් හා කේන් විලියම්සන් දෙවැනි කඩුල්ල කඩුල්ල සඳහා ලකුණු 136ක සබඳතාවක් පැවැත්වීය.

දවාන් ලකුණු 70ක් හා විලියම්සන් ලකුණු 89ක් රැස්කළහ. දිල්ලි කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ ඇන්ජලෝ මැතිව්ස් මෙහිදී දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර ඔහුගේ පන්දුවාර 3ට ප්‍රතිවාදීන් ලකුණු 41ක් රැස්කළහ.

ලකුණු 192ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා  පිටියට පිවිසි දිල්ලි කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 176ක් පමණි. සංජු සැම්සන්(42), කරන් නෙයිර් (33), ඇන්ජලෝ මැතිව්ස් (31), ශෙර්යාස් අයියෙර් (50*) පිත්තෙන් දක්ෂතා දැක්වූහ. 

 261812.3

මැතිව්ස්ගේ දිල්ලි වෝනර්ගේ කණ්ඩායමට පරදියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :