මීතොටමුල්ලේ සියලු දෙනාට නිවාස
( චානක චන්ද්‍රසේකර ) 2017-04-19 14:40:30
Comments - 1       Views - 1034

(NEW PICTURES) මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් විපතට පත්වූ සියලු දෙනාට හා එහි ජීවත්වන සියලු දෙනාට නිවාස ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මීතොටමුල්ලේ සංචාරයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එළැඹෙන මැයි, ජුනි හා ජුලි මාස වලදී නිවාස ලබාදීමටට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

“මෙයින් ආපදාවට ලක්වූවන්ට සහ මෙහි ජීවත් වන සියලුදෙනාට නව නිවාස ලබාදීමට දැනට අප කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව ලබාදිය හැකි නිවාස හඳුනාගෙන ද තිබෙනවා. මැයි, ජුනි සහ ජූලි මාස වන විට එම නිවාස ලබාදීමට හැකියාව ලැබෙනවා. ඒවනතෙක් මෙම ජනතාවට රැඳීසිටීමට තාවකාලික ස්ථාන සහ අනෙකුත් පහසුකම් ලබාදීමටත් කටයුතු කරනවා. මේ වන විට ජනතාවට සිදු වූ හානිය පිළිබඳ තක්සේරු කිරීම් සිදුවනවා. සිකුරාදා දිනය වන විට එම තක්සේරු කිරීම්වල අවසන් වාර්තාව ලබාගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම කුණු කන්ද තවදුරටත් මෙම ස්ථානයේ නොතබන බවත්, එය මෙම ස්ථානයෙන් ඉවත් කරන බවත් මා පවසනවා. කොළොන්නාවේ ජනතාවට පමණක් මෙම කුණු කන්දේ බර දැරිය නොහැකියි.  කොළඹ නගරයට දිනකට ලක්‍ෂ 20 ක ජනතාවක් පැමිණෙනවා. ලක්‍ෂ 7 ක ජනාතව කොළඹ නගරයේ ජීවත් වනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් වෙනත් රටවල මෙන් පරිසරයට හානියක් නොකර කුණු ප්‍රශ්නය සඳහා විසඳුමක් සෙවීමට අපි ක්‍රියා කරනවා.

මේ ගැටලුවට විසඳුමක් තිබිය යුතුයි. මේ ගැටලුව විසඳීම සඳහා  පෙර සිටම අප විවිධ පියවර ගණනාවක් අනුගමනය කළා. ඇතැම් තීරණ ගැනීමට අප ප්‍රමාද වුණා. අවසානයේ ජීවිත ගණනාවක් අපට අහිමි වුණා.

එම වගකීම අපත් භාරගත යුතුයි. ඒ වගේම සමාජයත් ඒ වගකීම භාරගත යුතු වනවා. කෙසේ හෝ මේ ප්‍රශ්නය විසදා මේ අවට ප්‍රදේශයේ ජීවත්ව සිටින අයට මින් ඉදිරියට ඔවුන්ගේ එදිනෙදා ජීවිතය සාමාන්‍ය ලෙස ගෙවීමට හැකි වන පරිදි පසුබිම සකස් කර දිය යුතු වනවා.”

DSC_0006 DSC_0010 DSC_0057 DSC_0060 DSC_0065 DSC_0078 DSC_0088 DSC_0120 DSC_0132 DSC_0151 DSC_0160 DSC_0168 DSC_0182 DSC_0189 DSC_0191 DSC_0196 DSC_0214 DSC_0227 DSC_0235 DSC_1414 DSC_1417 DSC_1431 DSC_1439 DSC_1444 DSC_1457 DSC_1459 DSC_1465 DSC_8378 DSC_8390

ඡායාරූප ශමීර රාජපක්ෂ

 

මීතොටමුල්ලේ සියලු දෙනාට නිවාස සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by san on (2017-04-19 03:44:57)

he can use money stolen from central bank, what a lire has he ever done anything that he promised what happened to VW factory

Posted by san on (2017-04-19 03:44:57)

he can use money stolen from central bank, what a lire has he ever done anything that he promised what happened to VW factory

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :