ඖෂධිය පළිබෝධ නිවාරණ ඖෂධයක් සොයාගත් අපේම ගොවි මහතෙක්
( . . ) 2017-04-19 14:04:36
Comments - 0       Views - 386

ගොවිකමින් ඉදිරියට යමින් ගොවියාත්, ගොවිතැනත් ආරක්ෂා කරන්නට අපේ පරිසරයේ ඇති අපේම දේ යොදා ගනිමින් ඖෂධීය පළිබෝධ නිවාරණ ඖෂධයක් සොයාගත් ගොවි මහතෙකු ගැනයි මේ තොරතුර.

මෙතුමාගේ මේ මාහැඟි සොයාගැනීම වචන දහස් ගණනකින් වර්ණනා කරනවාට වඩා එකම කාරණයකින් ස්ථිර කළ හැකි එක් හේතුවක් මෙසේ කිවහැක. එනම් මෙතුමාගේ මේ සොයාගැනීම වෙනුවෙන් 2016 ජනාධිපති සම්මානය හිමි වීමයි.

සරුසාර වී ගොවිතැන සේම පොල්, එළවළු, පලතුරු, විසිතුරු මල්, බුලත් ආදී සියලු ගොවිතැන්වල වගා විනාශ කරන කෘමීන් පලවාහැර සිරුරට හිතැති ආයු වර්ණ, සැප බල වර්ධනයට ඉවහල් වන සරුසාර ඖෂධීය පළිබෝධ නිවාරණය සොයාගත් මේ ගොවි මහතා යක්විල යටත්තාවල ඇම්.පී. විජේරත්න නම් වෙයි. ඔහු වසර 17ක් පුරා නොකඩවා අත්හදා බලමින් අද වන විට ගොවිතැනට හානිකරනු ලබන රෝග රැසකට ප්‍රත්‍යක්ෂ දේශීය ඖෂධයක් ගොවියාට හඳුන්වා දීමට සමත්ව ඇත.

කුඩිත්තා, කීඩෑවා, පුරුක් පණුවා, කොළ හකුලන දළඹුවා,ගොයම් මැස්සා, පිටිමකුණා, කොළකොඩවීම, පැළ පොල් වගාවේ ගොබ කුරුමිණියන් ඇතුළු එළවළු වගාවට හානි පමුණුවන සියලුම කෘමීන් පළවා හැර සාරවත් වගාවක් ගොවියාට හිමිකර දීමට මෙම ඖෂධයට හැකියාව ලැබී ඇත. මෙම ඖෂධය යොදා දින තුනකදී ප්‍රතිඵල දැකගත හැකි බව පවසන්නේ මේ ඖෂධය පාවිච්චි කළ ගොවි මහතුන්ය.

විජේරත්න ගොවි මහතා තම නව සොයාගැනීම සිදුකිරීමට මුල්වූ  කතාව පවසන්නේ මේ ආකාරයෙනි.

''1999-2000 පමණ කාලයේදී මට මී උණ රෝගය වැලඳුණා. මගේ වැඩිමහල් පුතාත් මේ මී උණ රෝගයෙන් මිය ගියා. කවුරුන් කොහොම කීවත් මී උණ රෝගය බෝ වෙන්නේ මීයන්ගෙන් කියන කතාව මම විශ්වාස කළේ නැහැ. ඊට මූලික වෙන්නේ උග්‍ර විෂ සහිත රසායනික කෘමිනාශක ද්‍රව්‍ය යෙදීම නිසා මිය යන ගැඩවිලා ඇතුළු සියලුම සතුන්ගේ විෂ, ජලය සමග මිශ්‍ර වෙලා මිනිස් සිරුරට කුමන හෝ ආකාරයකින් ඇතුළු වීමෙන් කියලා මට වැටහුණා.

ඒක තවත් තහවුරු කරන කාරණාවක් වුණේ වර්ෂාවකදී එන පළමු ජලයෙන් පමණක් මෙම රෝගය වැලඳීමේ ඉඩකඩ වැඩි වීමයි. මේකට පිළියම නම් ගොවිතැනට හානිකරන සතුන්ට හැර අනෙකුත් සතුන්ට විෂ නොවන ඖෂධයක් නිපදවීම කියලා මට හිතුණා. ඒ සඳහා ගත් ව්‍යයාමයේ ප්‍රතිඵලයක් ලෙස තමයි මෙම මාහැඟි ඖෂධය නිපදවන්න මට හැකිවුණේ.

මගේ මේ මහා කැපවීම මේ තරම් අගය කිරීමකට ලක් කරමින් ජනාධිපති සම්මානය පවා ලැබීම මාව තවත් දිරිමත් කිරීමක් වුණා. ඉදිරියේදී වල්නාශකයකුත් මේ ආකාරයටම නිපදවීමට දැනට පරීක්ෂණ කරගෙන යනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන්ම කියන්න බැහැ''

මෙම නිෂ්පාදනය යෙදීමේදී ලීටර් 16 තෙල් ටැංකියකට මෙම ඖෂධය මිලිලීටර් 100ක් යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලද හැකි බවද ඔහු කියයි. පොල්වලට යෙදීමේදී එම ටැංකියකට ඖෂධය මිලිලීටර් 200ක් යෙදිය යුතුය. එසේම මේවා දැනට පාවිච්චි කරන ගොවීන් පවසන ආකාරයට මෙම ඖෂධය යෙදූ වගා බිම්වලට කලින් පැමිණ හානි කළ වල්ඌරන්, තලගොයින්, මුගටින් ආදී අනෙකුත් සතුන්ගේ පැමිණීමද නතර වී ඇති බවද පවසයි.

 මෙම ඖෂධය සිය දිවි හානිකර ගැනීම සඳහා භාවිත කළ පිරිසක් ගැනද ඔහු මෙසේ කීය.

''දැනට 13 දෙනෙක් ජීවිතය නැතිකර ගැනීමට මෙය පාවිච්චි කරල තියෙනවා කියල පැමිණිලි ලැබිලා තියෙනවා. හැබැයි එක් අයෙක් වත් මිය ගිය බවක් නම් ආරංචි වෙලා නැහැ. පළවෙනි සිද්ධිය වාර්තා වන්නේ මීට වසර කීපයකට පෙර යක්විල වේරහැර ප්‍රදේශයෙන්. ආසන්නම සිදුවීම මාස කීපයකට පෙර නාත්තන්ඩිය ප්‍රදේශයේ කාන්තාවකගෙන් වාර්තා වුණා''

විජේරත්න ගොවි මහතාගේ මෙම නිෂ්පාදනය සඳහා 2012 වසරේදී පේටන්ට් බලපත්‍රය ලබා ඇති අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අවසරය ලබාගැනීමට කළ ඉල්ලීමේදී එම ආයතනය ලිඛිතව දන්වා ඇත්තේ නිෂ්පාදනයේ සපුරා දේශීය ශාක සාරය අඩංගු බැවින් එවැනි අවසරයක් අනවශ්‍ය බවයි.

මෙම කැපවීම වෙනුවෙන් මෙතුමා මේ වන විට ලබා ඇති සහතික, සම්මාන, පදක්කම් ප්‍රමාණය බොහෝය. රටට, රටේ පරිසරයට ආදරය කරන මෙවැනි ගොවියන් සමස්ත ගොවි පරපුරටම මහත් ආදර්ශයක් බව කිව යුතුමය.

0726 886756 ඇමතීමෙන් විජේරත්න මහතාගෙන් වැඩිදුර තොරතුරු දැනගත හැක. 

යක්විල ජයන්ත ඒකනායක

756 A16B00B1 copy asfwt reyr

ඖෂධිය පළිබෝධ නිවාරණ ඖෂධයක් සොයාගත් අපේම ගොවි මහතෙක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :