ඕනවාට වඩා කෑම කන එක හොඳද නරකද?
( නාලිකා රාජපක්ෂ ) 2017-04-18 17:36:55
Comments - 0       Views - 279

මේ දවස්වල ගෙදර හිටියත් කාර්යාලයට ගියත් ආහාර පානාදියෙන් අඩුවක් නැතැයි ඔබ පවසනවා නම් ඇත්ත එයයි. අවුරැදු ප්‍රියසාද පමණක් නෙවෙයි, ගමේ ගිහින් එනකොට අරගෙන ආව කැවිලි පෙවිලි ආදියත් කාර්යාලවලට අරගෙන එන්න කටයුතු යොදන නිසා ආහාර අනවශ්‍ය තරම් අරගන්න එක සිද්ධ වෙන්නෙ ඇඟට පතට නොදැනි.

සමහර අය බර වැඩිවීම ගැන කනස්සල්ලට පත්වෙන අතරම තවත් සමහරැ කොලෙස්ටරෝල් සහ රැධිර සීනි මට්ටම වැඩිවීම සම්බන්ධයෙන් දරන්නෙ ලොකු බියක්. අපි දවසකට කොයි තරම් කන්න ඕනද කියන එක නොදන්නා එකටත් වඩා නොහිතන බවයි පෙනෙන්නට තිබෙන්නේ. කොහොම නමුත් අවුරැදු කාලා ඉවර වෙද්දිම රෝගී වෙන්න තියෙන අවදානම අඩුකරගෙන පමණ දැනගෙන කන්නෙ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් එබේ අවදානයට යමක් එකතු කරන්න මෙවර සෞඛ්‍ය පිටුව වෙන්කරන්නට අප අදහස් කළා. Untitled-1 copy

ආහාර මූලික මිනිස් අයිතිවාසිකමක් බව සත්‍යයකි. නමුත් අද එදා මෙන් නොව ආහාර බොහෝ ලෙඩදුක්වලට වක්‍රව බලපාන හේතුවක්ව තිබේ. බොහෝදෙනෙකු අද ආහාර ලබාගන්නේ කුසට නොව හිතටය. ඇතමෙක් බඩගින්නක් නැතත් ආහාර පිණිස යමක් ලැබුණු විට එය ආහාරයට ගන්නේ ආහාර අවශ්‍ය නිසා නොව ලැබුණු නිසා ආහාරයට ගන්නා බව පවසිනි.

නමුත් මිනිසාට ආහාර අවශ්‍ය වනුයේ එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය ශක්තිය සහ පරිවෘත්තීය ක්‍රියා පවත්වා ගැනීම පිණිසය. එදිනෙදා වැයවෙන ශක්තිය උපයාගැනීමට නොව, කන්නන්වාලේ  කෑමට හුරැවීම තුළ ඇත්තේ අධීපෝෂණය සහ මන්ද පෝෂණයයි. අද අප ඔබව දැනුම්වත්කරන්නේ එදිනෙදා ඔබ ගන්නා ආහාර කුඩා ප්‍රමාණයක නැතිනම් ඒකකයක අඩංගු පෝෂණය කෙතරම්ද යන්නයි.

වඩා වැඩි පෝෂණයක් අවශ්‍ය වන්නේ..

 කය වෙහෙසවා වැඩකරන අයෙකුට දෛණිකව යම් තරමක වැඩි පෝෂණයක් අවශ්‍යය. ඒ ඔහු අධිකව ක්‍රියාකාරීවීම තුළ වැඩි ශක්තියක් දවාලන බැවිණි. නමුත් වැඩි ක්‍රියාකාරිත්වයක් නැති අලස අයෙකු වැඩි පෝෂණයක් සහිත ආහාර ලබාගතහොත් ඔහු අධීපෝෂණයට ලක්වෙයි. එමෙන් කය වැඩිපුර වෙහෙසවා ශක්තිය දවාලන අයෙකු අඩු පෝෂණයක් ලබන විට මන්ද පෝෂණයට ලක්වෙයි. මන්ද පෝෂණය සහ අධි පෝෂණය යන අවස්ථා දෙකම නිවැරදි නොවේ. එහෙයින් අප උත්සහ දැරිය යුතු වනුයේ නිසි පෝෂණය වෙත ළඟාවීමයි.

දෛනික කැලරි අවශ්‍යතාවය කොපමණද?

සෑම අයෙකුටම එකසමාන කැලරි අවශ්‍යතාවයක් නොපවතින අතර උස හා බර අනුව කැලරි අවශ්‍යතාව වෙනස්වෙයි. නමුත් දළ වශයෙන් පැවසුවහොත් යම් කිසි ක්‍රියාශීලී පිරිමි අයෙකුගේ කැලරි අවශ්‍යතාව 2700 ක් වන අතර සාමාන්‍යයෙන් එතරම් වෙහෙස නොවන අයෙකුගේ කැලරි අවශ්‍යතාව දළ වශයෙන් 2200කි.

එමෙන්ම වඩා ක්‍රියාශීලී කාන්තාවකගේ දෛණීක කැලරි අවශ්‍යතාව 2300 ක් වන අතර එතරම් ක්‍රියාශීලී නොවන කාන්තාවකගේ කැලරි අගය 2000 කි. මේ මුලු ගණන වේල් තුනකට හෝ පහකට බෙදා ආහාර ගැනී වරදක් නොවේ. වරදක් වනුයේ මේ කැලරි අගයන් ඉක්මවා හෝ  ඊට බොහෝ අඩුවෙන් ආහාර ලබාගැනීමයි. සාමාන්‍ය ප්‍රමාණයට ගතහොත් සාමාන්‍ය පරිදි නිසි පෝෂණයක් වෙත ළඟා විය හැකියි.

ආහාර මිණුම්..

සාමාන්‍යයෙන් නිවසේදී ආහාර ප්‍රමාණ මැනගැනීම සඳහා භාවිත කළ හැකිවනුයේ  නිවසේදී සපයාගත හැකි උපකරණය. එසේත් නැතිනම් එක් නියත ප්‍රමාණයක්ය. අප මුලින්ම ඔබට  ඔබ එතරම් සැළකිල්ලක් නොදක්වා කන කෙටි කෑම වර්ග සහ පාන වර්ග වලින් ආරම්භ කරමු.

කට්ලට් එකකින් ඔබට ලැබෙන කැලරි ප්‍රමාණය පිළිබඳ විමසුවහොත් එක කට්ලට් එකකින් කැලරි 120ක් ශරීරයට එක්වෙන අතර රෝල් එකකින් 220 ක් එකතුවෙයි.  ඔබ කෝලා පානයක් ලබාගන්නේ නම් එක් බෝතලයක් පානය කිරීමෙන් කැලරි 165 ක් ශරීරයට එක්වෙයි. නමුත් තැඹීලි වතුර වීදුරැවක් පානය කළහොත් ඔබට ලැබෙනුයේ කැලරි 50 ක ශක්තියකි.

දවසකට වේල් කීයක් ආහාර ගැනීම අවශ්‍යද?

අප දන්නා පරිදි දවසකට වේල් තුනක් ආහාර ගන්නට අප පෙලඹී සිටින අතර ඒ වේල් සඳහා උපරිමයෙන් ආහාර වැඩි ප්‍රමාණයක් ගන්නා අයද සිටී. නමුත් එකවර ආහාර විශාල ප්‍රමාණයක් ගැනීම සුදුසු නැත දිනකට කෙටි ආහාර වේල් පහක් පමණ ගැනීම වරදක් නොවේ. නමුත් ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව අතර මැදිව ගන්නා අනෙක් ආහාර වේල් දෙක කැලරි අඩු ප්‍රමාණයක් සිරැරට එකතතුවන ආකාරයේ එකක් විය යුතුය. පලතුරැ වැනි දෑ ඒ සඳහා වඩාත් සුදුසුය. නමුත් සීනි සහිත ආහාරවලින් ප්‍රවේසම්වනවා නම් එය වඩාත් සුදුසුය.

ප්‍රධාන ආහාරවේල් සඳහා ලබාගන්නා ආහාර සහ ප්‍රමාණවල කැලරි අගයන්.

බත් පීරිසියක කැලරි අගය සැලකුවහොත් එයින් ඔබේ සිරැරට කැලරි 300 ක් ලැබේ. යම් අයුරකින් ඔබ බත් පීරිසි 2 ක් අනුභව කරන්නේ නම් එතැනින් කැලරි 600 ක් ඔබ ලබාගෙන ඇති බව වැටහෙනවා ඇත.අඟලක පමණ ගණකම ඇති පාන් පෙත්තක කොතරම් කැලරි අගයක් තිබේද යන්න සලකා බලන විට 120 ක් වශයෙන් හැඳින්විය හැකිය.

ඔබ එයින් පාන් පෙති 3 ක් පමණ ආහාරයට ගන්නේ නම් එයින් කැලරි 360 ක් එක්වන බව අමතක නොකරන්න.නූඩ්ල්ස් කෝප්පයක කැලරි 140 ක් අඩංගුය. එහෙත් ඔබ එයින් කෝප්ප 2 ක් ආහාරයට ගතහොත් එයින් පමණක් 280 ක් ශරීරයට කැලරි ලැබී තිබේ.

එක කුඩා ඉඳිආප්පයක කැලරි 25 ක් තිබෙන අතර ඉඳිආප්ප විශාල ප්‍රමාණයක් ආහාරයට ගන්නෙකුට ඒ ගන්නා ඉඳිආප්ප ප්‍රමාණය අනුව කැලරි ගණනය කර කොතරම් ප්‍රමාණයක් ශරීර ගතවී දැයි සොයා ගත හැකිය.අඟල් දෙකක පමණ ප්‍රමාණයකින් යුතු පිට්ටු කෑල්ලක කැලරි 70 ක අඩංගු වෙයි.

එක බිත්තරයක් ආහාරයට ගන්නේ නම්  කැලරි 160 ක් එයින් ලැබෙන අතර බටර් තේ හැන්දකින් කැලරි 45 ක්  මාගරින් හැන්දකින් කැලරි 45 ක් ශරීර ගතවෙයි. පිට්ටු ආහාරයට ගනිද්දී ඒ සමග පොල්කිරි මේස හැඳි කීපයක් යොදා ගැනීම සිරිතකි.මිටි පොල් කිරි මේස හැඳි එකක කැලරි 50 ක් තිබේ. පිට්ටු පොල් කිරි සමග ආහාරයට ගන්නේ නම් එම කැලරි ප්‍රමාණයද ගණන් බැලිය යුතුය. ඒ සමග සීනි සම්බල් මේස හැඳි එකකුත් ආහාරයට ගන්නේ නම් 115 ක් ඊට එකතු කළ යුතුය

මුදවාපු කිරි කෝප්ප බාගයක කැලරි 100 ක් අඩංගු වෙයි. සීනි තේ හැන්දක කැලරි 75 ක්  අන්තර් ගතය.මේ නිසා හිතට ඕන තරම් නොව ගතට ඕන තරමට පරිස්සමින් ආහාර ගන්නට ඔබත් හුරැවීම නුවණට හුරැ නොවේද?

B6ABW8 eat-healthy-budget-670x270 TS-161146814_family-with-small-kids-eat-in-kitchen-breakfast.jpg.rend.hgtvcom.966.725 What_to_Eat_and_How_much_to_Eat_as_per_Ayurveda

ඕනවාට වඩා කෑම කන එක හොඳද නරකද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :