හඳගිරියයේ ඓතිහාසික අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේ පිහිටි පුරාවිද්‍යා භූමියට නිසි ආරක්‍ෂාවක් නැහැ
( . . ) 2017-04-17 15:43:08
Comments - 0       Views - 625

අතීත රෝහණ රාජ්‍යයට අයත් වුන 'චන්දනගාම' හෙවත් සඳගනා නුවර, අද හඳගිරිය ගමේ තිබෙන ඓතිහාසික අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේ පිහිටි පුරාවිද්‍යා භූමියට නිසි ආරක්‍ෂාවක් හා පහසුකම් ලබාදිය යුතු බව බළන්ගොඩ වැලිගෙපොල ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය මොරහැල උත්තරානන්ද හිමියෝ ප්‍රකාශ කරති.

'අද' කළ විමසීමදී උන්වහන්සේ මේ බව පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේඛකාධිකාරී හිමියෝ,

''මෙම පුරාවිද්‍යා භූමිය වැලිගෙපොල ශාසනාරක්‍ෂක මණ්ඩලයට අයත් ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක්. පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නාහිමියන්, පුරාවිද්‍යා ගවේෂක දයානන්ද බිනරගම වැනි විද්වතුන් මෑත ඉතිහාසයේ මෙම ස්ථානයේ විවිධ ගවේෂණ කරල තියෙනවා.

ඒ අනුව මේ ස්ථානය ආශ‍්‍රිතව අක්කර පහක පමණ නටබුන් තියෙනවා. ස්ථූපයක නටබුන්, බෝධිඝරයක නටබුන්, ගල් ටැම්, ගල්වැටි, පුරාණ බෝධියක් වර්තමානයේ මෙහි දකින්න පුළුවන්. තම කුඹුරු ආශි‍්‍රතව ගොඩනැගිලි පාදම් මැටි මෙවලම් ගල්, ගඩොල්, උළු, කැබිලි හමුවෙන බව ගොවි ජනතාව කියනවා. වෙල් යාය පුරා ගල් ටැම් 52 ක් තියෙනවා. බිම වැටුණු ගල් ටැම් 15 ක් විතර තියෙනවා.

අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ අෂ්ටඵලරුහ බෝධි අංකුර ලංකාවේ ස්ථාන අටක රෝපණය කර තිබෙනවා. ඉන් එක් ස්ථානයක් මෙතැන. එදා චන්දන ග්‍රාමයේ සිටි ක්‍ෂත්‍රීය වංශික කුමාරවරුන්ට ලැබුණු පූජනීය වස්තුවක් ඒක.

නටබුන් තිබෙන ස්ථාන පුරාවිද්‍යාවට පවරාගෙන තිබුණත් ඒ ස්ථානවල ගොවියන් කුඹුරු ගොවිතැන් කරනවා. පුරාවස්තුවලට හානිවෙන්න පුළුවන්. ඒ නිසා ගොවියන්ට වන්දියක් හරි දීලා එම ඉඩම් නිශ්චිතව වෙන්කරල ආරක්‍ෂා කළ යුතුයි.

දිවා/රාත්‍රි දෙකටම ස්ථීරව මුරකරුවන් යොදවන්න ඕනි. මේ ස්ථානයට තාම විදුලිය අරන් නැහැ. රාත්‍රියට ආරක්‍ෂාව සඳහා විදුලිය අත්‍යවශ්‍යයි. අවට ගම්වාසීන් දැනට දිනපතාම වාගේ පුද පූජා කරනවා. ඔවුන්ට වන්දනාමාන කිරීමට තාවකාලික හෝ අවසරයක් තිබුණොත් හොඳයි.

මෙම ඓතිහාසික උතුම් පුරාවිද්‍යා භූමිය පිළිබඳ ආදාළ බළධාරින් මිට වඩා අවධානය යොමු කළ යුතු බව විශේෂයෙන් මතක් කළ යුතුයි.'' අවධාරණය කළහ.       

කල්තොට බුදුගල සෝමරතන හිමි

image-0-02-06-49114a204e52c0e0d4c07689f62feccbbacf8723218d88bc2036cbdad4a19b53-V image-0-02-06-ae35f45df661a9670ea0bd4b8712124930afb268ac19e2b06e816b5fc7f1a525-V

image-0-02-06-3246f8d12e67a226728d97b64bf11a15ac290361ad82eed8114c3871d285d9cc-V image-0-02-06-6467cbed1a4d8be7e0d38f9e72275810d0b552958a4ce6b67d429d341bce3ce3-V

හඳගිරියයේ ඓතිහාසික අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේ පිහිටි පුරාවිද්‍යා භූමියට නිසි ආරක්‍ෂාවක් නැහැ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :