ජනපතිට හා අගමැතිට සිතාසි
( බුද්ධිමාල් රුබේරු ) 2017-03-20 19:38:50
Comments - 0       Views - 476

ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූට ලෙස සකසන ලද ලියවිල්ලක් මාධ්‍යට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එ.ජා.ප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට කොළඹ මහාධිකරණය විසින්  අද (20දා) සිතාසි නිකුත් කරනු ලැබීය.

එම නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් අද නිකුත් කරන ලදී.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේ ජනපතිවරයා හා අගමැතිවරයා රාජකාරීමය හේතු මත සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයට සහභාගීවිය නොහැකි බව අධිකරණයට ලිඛිතව දන්වා තිබීම හේතුවෙන් නඩුව ජූලි මස 17 දින දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරු නියෝග කළේය.

ඒ අනුව ජුලි මස 17 දින නඩුව යළි කැඳවන අවස්ථාවේ සාක්ෂි දීම සඳහා අධිකරණයට සහභාගී වන ලෙස ජනපතිට හා අගමැතිට සිතාසි නිකුත් කෙරිණි.

ජනපතිට හා අගමැතිට සිතාසි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :