මෛත්‍රී - පුටින් හමුව 23 දා
( අද කර්තෘ මණ්ඩලය ) 2017-03-20 18:29:42
Comments - 0       Views - 381

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියානු සංචාරයට සමගාමීව රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව එළැඹෙන 23 දා පැවැත්විමට නියමිතය.

1974 වසරේදී අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රුසියානු සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු රුසියාවේ සංචාරය කරන පළමු අවස්ථාව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියානු සංචාරයයි.

ජනපතිවරයා 20දා සිය තෙදින නිල සංචාරය අරඹමින් එළැඹෙන 22 දා රුසියානු සංචාරය ආරම්භ කරීමට නියමිතය. ඔහු 24 දා තෙක් රුසියාවේ රැ‍දෙනු ඇත. 

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍ය ත්‍රාත්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 60ක් පිරීම නිමිත්තෙන් ජනපතිවරයාගේ රුසියානු සංචාරය සිදුවන්නේ රුසියානු ජනපතිවරයාගේ ආරාධනයෙනි. 

ජනපතිවරයාගේ රුසියානු සංචාරය අතර තුළදී දෙරටේ ආයෝජන කටයුතු හා වෙළඳ සබඳතා තර කර ගැනීමට අදාළව  ධීවර, සංචාරක, සංස්කෘතික හා අධ්‍යාපන ක්ෂේත්‍රයන් අතර ද්විපාර්ශ්විය ගිවිසුම් කිහිපයක්ද අත්සන් කිරීමට නියමිතය. රුසියානු - ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුවක්ද මෙම සංචාරය තුළදී පැවැත්වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හා තවත් කැබිනට් අමාත්‍යවරු පස් දෙනෙක් මෙම සංචාරයට එක්වෙති. 

මෛත්‍රී - පුටින් හමුව 23 දා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :