සනත් ඉගෙන ගත් පාඩම
( අද කර්තෘ මණ්ඩලය ) 2017-03-20 17:57:06
Comments - 0       Views - 2019

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පී. සරා  පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමෙන් ඉගෙන ගැනීමට බෙහෝ පාඩම් තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කරයි.

ඊයේ පැවැති ටෙස්ට් තරගයෙන් අනතුරුව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් සනත් මේ බව සඳහන් කර තිබේ. බංග්ලාදේශ කණ්ඩායම ලැබූ ටෙස්ට් තරග ජයග්‍රහණයට ඔවුන්ට සුබ පතන බවත්, ශ්‍රි ලංකාව තරගයේ ජයග්‍රහණය සඳහා උපරිම අයුරුන් කටයුතු කළ බවත් සනත් පෙන්වා දෙයි.

ශ්‍රි ලංකා කණ්ඩායමකට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායමක් වාර්තා කළ පළමු ටෙස්ට් තරගය ඊයේ පැවැති ටෙස්ට් තරගයේදී ඔවුන් ලද ජයග්‍රහණය වෙයි. එසේම එය ඔවුන්ගේ 100 වැනි ටෙස්ට් තරගයද වෙයි.

 

සනත් ඉගෙන ගත් පාඩම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :