හැකියාවන්ට ලබා දෙන සම්මානය මා භාරගන්නවා
( අම්ත් මධුරංග ) 2017-03-20 17:06:59
Comments - 1       Views - 489

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (20දා) සවස ලබාදීමට සූදානම් කර ඇති විද්‍යාජෝති සම්මානය තමන් බාර ගන්නා බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මාන උලෙළේදී විද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් කැපවුණු පුද්ගලයන්ට සම්මාන ලබාදීමට නියමිතය.

වත්මන් ආණ්ඩු සම්බන්ධ විවේචනය වෙනස් වී නැති බවත් , තමා විද්‍යාඥයෙකු වශයෙන් සිදුකළ කාර්යභාරය අගයමින් ලබාදෙන සම්මානය ප්‍රතික්ෂේප කිරීමට සූදානම් නැති බවත් තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා පක්ෂයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

හැකියාවන්ට ලබා දෙන සම්මානය මා භාරගන්නවා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by ruwan on (2017-03-20 23:43:56)

Thank you for not involving politics for all the events. This should be a good example for others.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :