පාලකයෝ වගකීම පැහැර හැරලා
( එච්.අයි.තුෂාර ) 2017-03-20 16:23:49
Comments - 1       Views - 823

රටේ පාලකයන් තම වගකීම් කොටස පැහැර හැරීම නිසා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රැකගැනීමට වෛද්‍ය සභාවට අධිකරණයේ පිහිට පැතීමට සිදුව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව වෛද්‍ය ශිෂ්‍යයන්ට මහ පාරේ සටන් කිරීමට සිදුව තිබෙන බවත්, වෘත්තීය සමිතිවලට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

මේ ආකාරයට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රැකගැනීමට කටයුතු කරන වෛද්‍ය සභාවට තර්ජන ගර්ජන එල්ල කරන බවත්, වෛද්‍ය ශිෂ්‍යයන්ට ජල ප්‍රහාර, කඳුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර එල්ල කරන බවත් ඔහු පවසා සිටියේය.

වර්තමාන ආණ්ඩුව මේ සෑම දෙයක්ම සිදුකරනු ලබන්නේ සයිටම් ආයතනය රැක ගැනීමට බවද හෙතෙම සඳහන් කළේය. 

පාලකයෝ වගකීම පැහැර හැරලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Dutugamunu1 on (2017-03-20 08:53:15)

Don't mis lead the people.It is not Medical council but the SAITAM student had to go to courts to get justice from GMOA and medical council

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :