බස්නාහිර පළාත් ජාතික පාසල් ගුරුවරුන්ට කැපිල්ලක්
( ඉන්දික හේවාවිතාරණ ) 2017-03-20 13:30:52
Comments - 0       Views - 244

බස්නාහිර පළාතේ පිහිටි ජාතික පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට උත්සව අත්තිකාරම් මුදල් අහිමි කර ඇතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

මේ මාසයේ වැටුප සමග රුපියල් දසදහසක උත්සව අත්තිකාරම් මුදල් ලබාදිය යුතු බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

එහෙත් බස්නාහිර පළාතේ පිහිටි ජාතික පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන කිසිවෙකුටත් මෙම මුදල ලබා දී නොමැති බවද හෙතෙම පවසා සිටියේය.

බස්නාහිර පළාත් ජාතික පාසල් ගුරුවරුන්ට කැපිල්ලක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :