ඔබේ ව්‍යාපාරයත් වඩා ලාභදායී කිරීමට නම්...
( ෂමිල පෙරේරා ) 2017-03-19 22:38:34
Comments - 0       Views - 350

ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශන නැරඹීමට ගොස් භාණ්ඩ ඇණවුම් කිරීමේදී ගැටලුවලට මුහුණදීම, එම ඇණවුම් කළ භාණ්ඩ නිසි ප්‍රමිතියකින් තොරව පැමිණි අවස්ථාවල ගැටලුවලට මුහුණපෑම, ආනයනය කරන භාණ්ඩ/අමුද්‍රව්‍යවලට ගෙවන මිල ගණන් පිළිබඳ සෑහීමකට පත්වීම හෝ තවමත් ඔබේම ආනයන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවස්ථාවක් සොයමින් සිටීම ආදී ගැටලු මඟහරවා ගනිමින්, ඔබගේ ව්‍යාපාරය වඩාත් ලාභදායීව හා සාර්ථකව පවත්වාගෙන යාමට ලංකා වාණිජ මණ්ඩලය හා නෝර්වේ හි ස්ථාපිත FAIRDEAL AS බහුජාතික සමාගම එක්ව වැඩසටහනක් දියත් කර තිබේ.

විදේශ රටවලින් භාණ්ඩ හෝ අමුද්‍රව්‍ය ආනයනය කරන හෝ ආනයනය කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරිකයන්ට උසස් තත්ත්වයෙන් යුත් භාණ්ඩ හෝ අමුද්‍රව්‍ය කර්මාන්තශාලාවේදී ලැබෙන මිල ගණන් යටතේ විදේශ රටවලින් ආනයනය කිරීමටත්, සියලුම බාධා හා අතරමැදියන්ගෙන් තොරව ඔබට භාණ්ඩ හෝ අමුද්‍රව්‍ය ආනයනය කිරීමට අවස්ථාවක් උදාවීමත් ඔවුහු මෙමගින් බලාපොරොත්තු වෙති.

දැනට චීනය, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව හා යුරෝපීය රටවල පිහිටුවා ඇති FAIRDEAL AS ශාඛා මගින් ඔබට මෙම සේවාව කිසිදු මුදල් අය කිරීමකින් තොරව ලබාගත හැකි බවද ඔවුහු පවසති.

ලංකා වාණිජ මණ්ඩලය තුළ පිහිටුවා ඇති ආනයනකරුවන්ට පහසුකම් සැලසීමේ අංශයට ඔබ ආනයනය කිරීමට බලාපොරොත්තු වන භාණ්ඩවල හා අනෙකුත් අදාළ විස්තර ලබාදීම මගින් ඉතා ඉක්මනින් ඔබට අවශ්‍ය මිල ගණන් හා අනෙකුත් තොරතුරු ලබාගැනීමට හැකියාව පවතින බවද පෙන්වා දෙති.  

ඒ අනුව, එම මිලගණන් හා පිරිවිතර පිළිබඳ සෑහීමකට පත් වන්නේ නම් ඔබගේ ඇණවුම් කිරීම මෙම අංශය මගින් සිදුකළ හැකි බවත්, සියලුම තත්ත්ව පරීක්ෂා කිරීම් ඒ රට තුළ ඇති FAIRDEAL AS ශාඛාවල සේවකයන් විසින් සිදුකරනු ලබන බවත් ඔවුහු පවසති.

ඉන්පසු භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය ලියකියවිලි සැකසීම හා අනෙකුත් සියලුම සේවා ආනයනකරුවන් සමග එක්ව සිදුකරනු ලබන අතර, එහිදී පැන නඟින ගැටලු නිරාකරණය කිරීමට සහයෝගය දැක්වීමද ඔවුන් විසින් සිදුකරනු ලබන බවද ලංකා වාණිජ මණ්ඩලය පවසයි.

මෙමගින් ඔබට ඔබගේ ව්‍යාපාරයේ ලාභය වැඩි කර ගැනීමටත්, බාධාවකින් තොරව නිසි ප්‍රමිතියකින් යුතු භාණ්ඩ ගෙන්වා ගැනීමටත්, දීර්ඝ කාලීන ව්‍යාපාර සම්බන්ධතා මගින් ස්ථාවර ශ්‍රී ලාංකේය ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට හැකියාව උදාවනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා ලංකා වාණිජ මණ්ඩලය හා සම්බන්ධ විය හැකි බවද ඔවුහු වැඩිදුරටත් පවසා සිටිති.

ඔබේ ව්‍යාපාරයත් වඩා ලාභදායී කිරීමට නම්... සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...