පාරම්පරික කෘෂිකර්මාන්තය වෙළෙඳ කෘෂිකර්මාන්තයක් කරනවා - රවි
( ෂමිල පෙරේරා ) 2017-03-19 17:00:59
Comments - 0       Views - 327

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති පාරම්පරික කෘෂිකර්මාන්තය, වෙළෙඳ කෘෂිකර්මාන්තයක් බවට පත්කිරීමට කටයුතු යොදා ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.

මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ පසුගිය 16දා හොංකොං හිදී දෙවැනි වරටත් පැවැත්වුණු ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේ ප්‍රධාන දේශනයට සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා,

"ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති පාරම්පරික කෘෂිකර්මාන්තය, වෙළෙඳ කෘෂිකර්මාන්තයක් බවට පත්කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ තුළ ආයෝජකයන්ට විවිධ ආයෝජන අවස්ථා උදාවී ඇති බවද සඳහන් කළ යුතුයි." යනුවෙනි.

මෙම අවස්ථාවට ලොව ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන නියෝජිතයන් සහ ආයෝජකයන් 200ක පමණ පිරිසක් සහභාගී සිටියහ.

පාරම්පරික කෘෂිකර්මාන්තය වෙළෙඳ කෘෂිකර්මාන්තයක් කරනවා - රවි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...