යුරෝපයේ සුඛෝපභෝගී නැවක් මාගම්පුරට
( රාහුල් සමන්ත ) 2017-03-19 14:53:07
Comments - 0       Views - 1575

යුරෝපයේ සිටසංචාරකයන් පිරිසක් රැගත්  අල්බට්‍රෝස්   සුඛෝපබෝගී මගී ප්‍රවාහන නෞකාව ඊයේ (18දා) පෙරවරුවේදී මාගම්පුර වරායට සේන්දු විය.නෞකාවෙන් පැමිණි විදේශිකයන් වරාය අධිකාරිය මගින් උණුසුම්ව පිළිගත් අතර, පසුව ඔවුහු කතරගම,බූන්දල,යාල ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කළහ.

පෙරේදා (17දා) මියන්මාරයේ සිට ත්‍රිකුණාමල වරායට පැමිණි නෞකාව ඊයේ රාත්‍රියේ මාලදිවයින  බලා පිටත්ව ගියේය. දිගින් මීටර් 205  ක් වූ , මගීන් 503 දෙනෙකුගෙන් හා 351 දෙනෙකුගෙන් යුක්ත සේවක මණ්ඩලයකින් මෙම නෞකාව සමන්විතය.

මසකට අධික කාලයක සිට සංචාරකයන් රැගෙන ලොවවටා සංචාරයේ නිරත මෙම නෞකාව ඩුබායි දක්වා ගමන් කිරීමෙන්අනතුරුවසංචාරයනිමකිරීමට නියමිතය.

 p1 copy p2 copy p3 copy p8 copy p10 copy p14 copy p16 copy p18 copy p20 copy p23 copy

යුරෝපයේ සුඛෝපභෝගී නැවක් මාගම්පුරට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :