හෙළ ඔසුවෙන් නිට්ටාවට මට්ටු කරන ආතරයිටිස්
( නාලිකා රාජපක්ෂ ) 2017-03-14 12:19:17
Comments - 0       Views - 612

වයස්ගතවන විට අත පයේ කැක්කුම් ඇතිවීම සාමාන්‍ය දෙයක් කියලා ඔබ හිතාවි. නමුත් මෙය වයස හා බැඳෙන ස්වභාවික තත්ත්වයක් නම් සෑම වයසක පුද්ගලයෙකුටම වැලඳිය යුතුයි. නමුත් ආතරයිටිස් යන තත්ත්වය එවන් පොදු තත්ත්වයක් නොවන අතර මෙය ඉතාම වේදනාකාරී අත්දැකීමක් බව ආතරයිටිස් රෝගයට ගොදුරැ වූ සෑම රෝගියෙකුම පාහේ පවසන තත්ත්වයක්.

බටහිර ක්‍රමයේ ප්‍රතිකාරවලට වඩා  බොහෝ දෙනෙක් ආයුර්වේද ප්‍රතිකාරවලට වැඩි නැඹුරැවක් දක්වන්නේ එයින් මේ රෝගය මුලිනුපුටා දමන්නට සමත් ගුණ ඇති ඖෂධ හා ප්‍රතිකාර ක්‍රමවේදයන් පවතින බව සමාජගතව ඇති නිසයි. ආතරයිටිස් රෝගය හා බැඳුනු විවිධ ප්‍රතිකාර ක්‍රම සහ ඇතමුන් මේ රෝගය කෙරෙහි ඇතිකරගෙන ඇති මිත්‍යා මත සම්බන්ධයෙන් අප ආයුර්වේද මතය හා එක්ව මෙවර සෞඛ්‍ය පිටුව සකස් කරන්නට අදහස් කළා. ආතරයිටිස් වෙනුවෙන් ඔබ ගත යුතු ප්‍රතිකාර මෙන්ම නොගත යුතු ආහාර හා නොකළ යුතු පිළිවෙත් ගැන මෙයට කළින් දැන සිටියාද? මේ ලිපිය ඔබ ආතරයිටිස් රෝගය සම්බන්ධව සහ එහි ප්‍රතිකාර  සම්බන්ධව දැනුම්වත්කරනවාට සැකයක් නැත.

ආතරයිටිස් යනුවෙන් අප මෙම තත්ත්වය බටහිර වෛද්‍යක්‍රමය ඇසුරින් හැඳින්වූවාට ආයුර්වේද ක්‍රමය අනුව මෙය සන්ධිගත වාතය ලෙස හඳුන්වන රෝගයයි. ආයුර්වේදය ත්‍රිදෝෂ නැතහොත් වා පිත් සෙම් යන්න මුල්කොට ගෙන රෝග ව්‍යාධීන් ආදිය වර්ග කරන අතර සන්ධිගත වාතය වාතයේ අහිතකර බලපෑම සන්ධිවලට බලපෑම නිසා ඇතිවන රෝග තත්ත්වයක් ලෙස මෙය පැහැදිලි කළ හැකිය.

මෙහිදි රෝගය හට ගැනීමට බලපානු ලබන වාතය අස්ථි කෙරෙහි බලපාන්නේ කෙසේද යන්න සැකෙවින් විමසා සිටිමු.වාතය වඩන හේතු වැඩි පුර පැවතීම හේතුවෙන් වාතය කෝප වන අතර එය අස්ථිවලට බලපානු ලබයි. වාත වර්ධන හේතු නිසා අග්නියේ විෂමතාවය අනුලෝම ධාතු ක්ෂයටද වාතකෝපයටද ඉවහල් වෙයි. මේ හැරෙන්නට වයස්ගතවන විට ස්වභාවයෙන්ම වාත කෝපය සිදුවෙයි.

අස්ථිගත වාතයත් සන්ධිගතවාතයත් දූෂණයවීමේ ප්‍රතිඵලය වශයෙන් සන්ධි වේදනාව ඇතිවන අතර ශ්ලේෂක ශ්ලේෂ්මලය ක්ෂයවීම නිසා සන්ධි ඉදිමුමත්, නවන දිගහරින විට වේදනාවත් ඇතිවෙයි.කල්යෑමේදී සන්ධි බන්ධන ලිහිල්වීම, සන්ධි විකෘතිය, සහ එහි හානිය සිදුවෙයි. දැන් අප මෙවැනි තත්ත්වයක් ඇති වූ විට කළ නොකළ යුතු දෑ විමසමු.

 මෙම සන්ධිගත වාතය බටහිර වෛද්‍යවිද්‍යාවේ ඔස්ටියෝ ආතරයිටිස් සහ රැමැටොයිඩි ආතරයිටිස් ලෙසත් වර්ග දෙකක් සම්බන්ධයෙන් කතාකරනවා.මෙය ආයුර්වේදය අනුව ඔස්ටියෝ ආතරයිටිස් යන්න අස්ථි පර්වදාහය ලෙසත් රැමැටොයිඩි ආතරයිට්ස් යන්න රැමැටියාභ පර්වදාහය ලෙසත් හඳුන්වනු ලබයි. මේ කුමන හේතුවක් මත හටගත් ආතරයිටිස් තත්ත්වයක් වුවත් නිට්ටාවටම සුව කළ හැකි ප්‍රතිකාරදාමයක් ආයුර්වේදය තුළ පවතින බව කිසිදු සැකයකින් තොරව පැවසිය හැකිය.

රැමැටියාභ පර්වදාහයේදී පොදු ලක්ෂණ සහ ස්ථානිය ලක්ෂණ වශයෙන් ලක්ෂණයන් වර්ග කෙරෙන අතර පොදු ලක්ෂණ වනුයේ කෑම අරැචිය, රෝගාතූරබව දැනීම, වෙහෙස, ඇඟ කෙට්ටුවීම, උණ, නාඩි වෙනස්වීම,  හැඳින්විය හැකි අතර ස්ථානීය ලක්ෂණ සහ නිමිති සලකන විට එකවර සන්ධි කීපයකම හට ගැනීමට හැකි අතර බොහෝ සන්ධිවල රෝග ලක්ෂණ ඇතිවෙයි. සන්ධි වේදනාව, සන්ධි ඉදිමීම සන්ධිවල චලනය අඩුවීම, සන්ධි විකෘතිවීම එහි ස්ථානීය ලක්ෂණ වෙයි.ඔස්ටියෝ ආතරයිටිස් නැතහොත් අස්ථි පර්වදාහයේදී සාමාන්‍යයෙන් අවුරැදු 40 ට පසු හටගැනීට ඉඩ ඇති රෝගයක් ලෙසද අවුරැදු 60 ඉක්මවූවනට සියයට 50 ක්ද අවුරැදු හැත්තෑ පහ ඉක්මවූවන්ට සියයට 75 ක්ද අවුරැදු 80 ඉක්මවූවන්ට සියයට 90 ක්ද රෝගය හට ගැනීමේ ප්‍රවණතාවය වැඩිපුර පවතියි.

එමෙන්ම තරබාරැ පුද්ගලයන්ට මේ රෝග තත්ත්වය ඇතිවිමේ ප්‍රවණතාවය ඉතා දැඩිය. නමුත් මේ කුමන වර්ගයක ආතරයිටිස් රෝගයකට රෝගියා මුහුණ දී සිටියත් ඒ සඳහා නිසි ප්‍රතිකාර ක්‍රමවේදයකට යොමුවීම තුළ සුවය ලඟාකරගත හැකි තත්ත්වයක්  පවතින බව සහතික ලෙස පැවසිය හැකිය. දැන් අප ඇතැම් රෝගීන් ප්‍රතිකාර අසාර්ථක කර ගැනීමට බලපාන හේතු කවරේද යන්න විමසමු.

සන්ධිගතවාතයට වාතයේ කිපීම බලපානු ලබන බව අප මෙහිදී මුළින්ම සඳහන් කළෙමු. ඒ නිසා ප්‍රතිකාර ගන්නා විට නොගත යුතු අත්හල යුතු ආහාර විහරණ මෙන්ම හුරැ පුරැදු සම්බන්ධයෙන් ඔබ සැලකිළිමත්වීම ඉතාම අවශ්‍ය දෙයකි. වාතාධික ආහාර පරිභෝජනය අත්හරින්නට වෛද්‍යවරයා උපදෙස් ලබාදුන්නේ නම් එය අත්හැරීම තුළින් ඖෂධ ප්‍රතිකාර වල ගුණයක් බලාපොරොත්තු විය හැකිය. ගුණය ඇතිකිරීමට බාධා කරන වත් පිළිවෙත් හිතුවක්කාර ලෙස අනුගමනය කරන්නෙකුට ප්‍රතිකාරවලින් ගුණයක් නැතැයි හැඟෙන්නේ ආයුර්වේද ක්‍රමය තුළ පමණක් නොවේ .

බටහිර වෛද්‍යක්‍රමයේද  නොකරන්න යැයි උපදෙස් ලබාදෙන දෙය රෝගය වෙනුවෙන් අත්හැරීම පළමුව රෝගියාගෙන් වෛද්‍යවරයාට ලැබිය යුතු සහය වෙයි. අස්ථි හා කරන ගණුදෙනුව සුළුකොට තැකිය යුතු නොවේ. අසවල් රටින් ගෙන්වූවා මෙතරම් දෙනෙකු සුව කළා යනාදී වශයෙන් පලකෙරෙන දැන්වීම් පසුපස නොයා නිසි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත ප්‍රතිකාර පතා යන්නට උනන්දු විය යුතුය.

එමෙන්ම ඇතැම් පුවත්පත්වල වෛද්‍යවරැන් විසින් නියම කර තිබෙන කසාය පන්ති හෝ ආලේප තමන් විසින්ද වග විභාගයකින් තොරව භාවිතය අත්හළ යුතුය.  මන්ද රෝගයක් හරි හැටි නිර්ණය කරන්නට වෛද්‍යවරයා නාඩි පරීක්ෂාව හෝ කිසියම් පරීක්ෂණ වාර්ථාවන් කෙරෙහි යොමුවන්නේ එය කුමන හේතුවක් මත පැන නැගුණු තත්ත්වයක්ද යන්න නිශ්චිතව තීරණය කරන්නටය. එහෙයින් වෛද්‍ය පරීක්ෂාවට ලක්වීම හා ඒ හරහා වෛද්‍යවරයා ලබාදෙන උපදෙස් නිසියාකාරව ඉටු කිරීම අත්‍යවශ්‍යයෙන් සිදුවිය යුත්තකි.

මේ නිසා ඔබ කිසියම් දැන්වීමක් දුටු පමණින් ඔබේ වෛද්‍යවරයා තීරණය නොකර වෛද්‍යකර්මය සඳහා වෛද්‍යවරයා සුදුසුකම් සපුරා තිබෙන අයෙක්ද යන්න හොඳින් දැන රෝග පරීක්ෂාව සඳහා යොමු වෙන්න.කැඩුම් බිඳුම් සඳහා හෝ අස්ථි පෑස්සීම සඳහා යොදන ප්‍රතිකාර මේ රෝගයට සුදුසු නැත. මන්ද ඒවා අස්ථි උණු කිරීමට සලස්සා පාස්සන බෙහෙතක් නම් එයින් රෝගියාට තව තවත් අකරතැබ්බයන්ට මුහුණපාන්නට සිදුවෙයි.

බොහෝදෙනෙකු මේ රෝගය සඳහා ගොදුරැවන්නේ අපත්‍ය ආකාරයේ ආහාර විහරණ සහ පැවැත්ම ජීවන රටාව වෙනස්වීම ආදියේ ඇතිවන වෙනස්කම් හේතුවෙනි. රෝගය හඳුනාගත්තට පසුව  ප්‍රතිකාර යෙදීමේදී වෛද්‍ය උපදෙස් අනුව ඇවතුම් පැවතුම් පවත්වා ගැනීම ඉක්මන් සුවයට හේතුවකි.

ආතරයිටිස් රෝගය සඳහා පවතින ප්‍රතිකාර සඳහා යොදාගන්නා ක්‍රම විවිධාකාරය .තෙල් ගැල්වීම, තැවීම පමණක් නොව සම්භාහනය ස්වේදන  ක්‍රම ආදිය විවිධාකාරය . එක් එක් රෝගියාට මේවා යොදන ලබන්නේ  ඒ ඒ පුද්ගලයාගේ රෝගයේ අවධිය අනුවය. රෝගයේ අවදිය යන්නෙන් මෙහිදී සඳහන් කළේ ආරම්භක අවස්ථාවේද නැතිනම් මධ්‍යම අවස්ථාවේද ,තීව්‍ර අවස්ථාවේද , අසාධ්‍ය අවස්ථාවේද යන ප්‍රභේද අනුවය.

මේ නිසා සෑම රෝගියෙකුටම එකම කසාය හෝ එකම ගැල්වුම, එකම තෙල් ආදිය නොයෙදෙයි. එමෙන්ම ප්‍රතිකාර පටන්ගත් දා සිට එකම බෙහෙත් දිගටම නොයොදනු ලබන අතර එය මුලින් පටන් ගත්  ඖෂධ පංතිවලින් බැහැර වෙමින් ක්‍රමක්‍රමයෙන් නව ඖෂධ වෙත ගමන් කරනු ලබයි. එහෙයින් එකම ඖෂධ හරහා ආතරයිටිස් රෝගයෙන් සුවය බලාපොරොත්තු විය නොහැක.

පත්තු සකසා රෝගියාට ලබාදුන් පසු අදාල ඖෂධ ගල්වා තැවීම් සිදුකර  අභ්‍යංගය ( සම්භාහනය ) කර  රෝගියාට ආහාර විහරණ ආදිය සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන අතර රක්ත ශෝධනය ඇතිකරන ඖෂධ පන්ති මෙන්ම පවතින රෝග තත්ත්වයට අදාලව පැන නැගී ඇති රෝග ලක්ෂණ අනුව ඒවා මුලිනුපුටා දැමීම වෙනුවෙන් පානය කළ යුතු සකස් කළ ඖෂධ මෙන්ම කසාය වර්ගයන්ද තීරණය කෙරෙනු ලබයි.

මෙකළ මේවා රෝගියාටම සොයාගැනීම අපහසු බැවින් පත්තු හා ගැල්වීම් ආදිය නියම ඖෂද යොදා සකස් කර ලබාදීම නිසා රෝගියාට ඇත්තේ උපදෙස් ලැබෙන පරිදි එය ගැල්වීම පමණය. බොහෝ විට ආතරයිටිස් නිසා විකෘතිව විනාශව යන අවයව හැකිතාක් බේරාගැනීම පිණිස ප්‍රතිකාර කෙරෙන අතර කකුල් ආදි තැන්වල ඇතිවන අස්ථි විකෘතිතා බොහෝ විට ප්‍රතිකාරවලින් පසු එවන් තත්වයක් පැවතියේද යන්න පවා පිටතින් බැලූවිට සොයාගත නොහැකි තරම් සාර්ථකව සිදුකෙරෙයි.

බොහෝ රෝගීන් වෙන රෝග සහිතවද සිටිය හැකි අතර ආතරයිටිස් සඳහා ප්‍රතිකාර ගන්නා විට ඒවා වැඩිවේ යැයි වැරදි මතයක පසුවෙයි.වෛද්‍යකර්මයක් ඇත්තේ සියල්ල නිවැරදි කිරීමට මිස එකක් විසඳා අනෙක් ඒවා අවුල් කිරීමට නොවේ. මෙම රෝගයට ප්‍රතිකාර කරනා අතර  දියවැඩියා  අධි රැධිර පීඩන ආදි වෙනත් රෝග පවතින්නේ නම් ඒවා උත්සන්න නොවන පරිදි ඒවාටද ප්‍රතිකාර කර පාලනය කරමින් මේ රෝගය සුව කිරීමට තරම් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පොහොසත්ය.

ආතරයිටිස් රෝගියෙකු විසින් නොගතයුතු ආහාර ලෙස වාතය සහිත ආහාර   හැඳින්වෙයි මෑකරල් වම්බටු වැනි වාතය අධික ආහාර කඩල, මුං ඇට, කොස් , බතල, ආදිය මෙන්ම ශීත ගුණයෙන් යුත් ආහාර වලින් ආතරයිටිස් රෝගියා ඈත්වීම වැදගත්ය. වරකා වැල කිරි පැණි ආදිය සීමා කළ යුතු ආහාර අතර වෙයි. මේ උපදෙස් රෝගියාගෙන් රෝගියාට විවිධ විය හැකිය. දිරවීමට පහසු ආහාර පාන ගැනීම උණුවතුර ස්නානය, රාත්‍රියේ ස්නානයෙන් වැළකීම. වැනි ඇවතුම් මෙන්ම මානසික ආතතියෙන් වැළකී සිටීම  නිදිවැරීමෙන් සහ ආහාර නොගෙන නිරහාරව සිටීමෙන් වැලකීමේ පැවතුම් අවශ්‍යය.

ආහාරවල විවිධත්වය මෙන්ම පෝෂණ ගුණය රුකෙන අයුරින් ගැනීම අවශ්‍ය අතර  නිරහාරනොවීම රෝගයෙන් ගැලවී සිටීමට වැදගත්ය. තමන්ට අවශ්‍ය පෝෂක කොටස් ලබාගන්නට සුඛෝපභෝගී ආහාර පානම අවශ්‍ය නොවේ.  වඩා අවශ්‍ය වෙන්නේ ඔබේ පරිසරයේ පවතින ස්වභාවික ආහාර පාන තෝරා ගැනීමයි. යම් කෙනෙකුට සවස් කාලයේ ස්නානය මග හැරගත නොහැකි නම් ස්නානයෙන් පසු හොඳින් හිසකෙස් වියලාගැනීමට උනන්දු විය යුතුය.  දවස් 35 ක ප්‍රතිකාර ක්‍රමවේදයකින් පසු රෝගියාගේ සිරැරේ  රෝගයට තුඩු දෙන හේතු ඉවත්කර  දැමිය හැකිය.

නමුත් ගෙවී ගිය අස්ථි ආදිය නැවත පෙර තිබූ තත්ත්වයට වර්ධනය නොවුණත් තව දුරටත් අස්ථි විනාශවීම ස්ථිර ලෙසම නැවැත්විය හැකි බව ආතරයිටිස් රෝගියාට අලුත් ආරංචියක් වනු නියතය.ගම්පහ මිනුවන්ගොඩ පාරේ දොඹවල සණස බැංකුව සමීපයේ පවතින ජයවීර හෙළවෙද මැදුර වෙත  අඟහරැවාදා සිකුරාදා  සහ පෝය හැර අනෙක් දිනකදී ගොස්  ආතරයිටිස් රෝගය සම්බන්ධයෙන් තවත් විස්තර විමසිය හැකිය නොඑසේනම් 077 7 248 128  හෝ  077 6 735 038 දුරකථන අංකයෙන් වෛද්‍යවරයා ජයවීර වෙද මහතා ඇමතිය හැකියි.

Rheumatoid%20Arthritis%20 rheumatoid-arthritis-hands-2

හෙළ ඔසුවෙන් නිට්ටාවට මට්ටු කරන ආතරයිටිස් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :