ඇටමිදුළු බද්ධයට සහය පතයි
( අද කර්තෘ මණ්ඩලය ) 2017-03-01 16:31:33
Comments - 0       Views - 1085

කුරුණෑගල, මාස්පොත, හංගමුණුව, කෝන්ගහමුල්ල, අංක 95  ලිපිනයේ පදිංචි ශෂික ලක්ෂාන් දරුවා ලියුකේමියා රෝගයෙන් පීඩා විඳිමින් සිටියි.ඔහුව සුවපත් කරගැනීමට නම් ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශකොට තිබේ.

සැත්කම සඳහා රුපියල් ලක්ෂ 75ක් පමණ මුදලක් වැයවන අතර එම මුදල සොයාගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරන අතර, මුදල් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලී මහත්ම මහත්මීන් වෙතොත් මහජන බැංකුවේ කුරුණෑගල මලියදේව වීදිය ශාඛාවේ 226200160018777 දරණ ගිණුමට මුදල් බැර කරන ලෙස ඔහුගේ දෙමාපියෝ ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිති.

ශෂික ලක්ෂාන් දරුවා පිළිබඳ වැඩි විස්තර 077-1527200 අංකයට ඇමතීමෙන් හෝ ඉහත ලිපිනය ඔස්සේ ලබාගත හැකිය.

ඇටමිදුළු බද්ධයට සහය පතයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :