ආඝාතයේ ගොදුරක් නොවන්නට...
( . . ) 2017-03-03 06:00:06
Comments - 0       Views - 555

අප කවුරුත් පාහේ ජීවිතයේ සුන්දරත්වය විඳින්නට ඉතා දිගු සැලසුම් සකස්කරන්නට කැමතිය. එහි එක් තැනකවත් රෝගියෙකු සේ අඩපණව ජිවත්වෙන්නට ඉඩ කඩක් තිබෙනවාට අකමැති අප ඒ වෙනුවෙන් කෙතෙක් පරෙස්සම්වෙනවාද?  රෝගීබව කොතැන කොයි ආකාරයෙන් ඇතිවෙනවාද යන්න කළින් පැවසිය නොහැකි වුවත් රෝගී නොවී ඉන්නට නම් මේ දැන්ම පරිස්සම්වීම ආරම්භ කළ හැකිය.

බෝ නොවන රෝග අතර  ඉතා දිගුකාලයක් ප්‍රතිකාර ලැබීමට හෝ සුව වීමෙන් පසුවත් කිසියම් ආබාධයක් සහිතව ජීවත්වෙන්නට සිදුවන රෝග සම්බන්ධයෙන් අවධානය යොමු කළ හොත් ආඝාතය එවන් ඉරණමක් කැඳවන රෝග තත්ත්වයකි.ඇතැම් විට ඔබට පවතින්නේ දියවැඩියාව , අධි රුධිර පීඩනය හෝ අධි කොලෙස්ටරෝලතාවය වන්නට පුලුවන. නමුත් අවසානයේ ඔබ ආඝාතයට ලක් වූ රෝගියෙකු බවට පත්කරවන්නට ඒවාට හැකියාවක් ලැබෙන්නේ කෙසේද? යන්න ඔබ අත්‍යවශ්‍යයෙන්ම දැනසිටිය යුතු කාරණයකි. 

පළමුව ඔබ දියවැඩියාව අධිරුධිර පීඩනය සහ අධි කොලෙස්ටරෝලතාවය යන තත්ත්වයන්වලින් පෙළෙන බව හඳුනාගෙන ප්‍රතිකාර ලබමින් පසුවෙන්නෙකු නම් ඔබ මනාකොට එම රෝග තත්ත්වයන් පාලනය කරගැනීමට උත්සහ දැරිය යුතුය. එය ඔබ ආඝාත රෝගියෙකු බවට පත් නොවීමට තරම් පැහැදිලි හේතුවක්ද විය යුතුය. ආඝාතය යනු අංශභාගය යැයි ඔබ සිතූවත් අංශභාගය යනු ආඝාතයට ලක්වීම නිසා ඇතිවන එක් තත්ත්වයක් පමණි. ආඝාතය යන්නෙන් අදහස් කෙරෙනුයේ හදිසියේම ඇතිවන රෝග තත්ත්වයක් මිස කල් තියා එසේ සිදුවන බව පෙන්ව පෙන්වා සිටින රෝගයක් නොවේ.

නමුත් හදිසියේම අතක පයක ඇතිවන සුලු ආබාධයක් පැය කීපයක් ඇතුළත සුව වීම දිනකින් සුවවීම වැනි ලක්ෂණයක්  සුළු ආඝාත තත්ත්වයක් විය හැකිය. එය ඉදිරියේ ඇතිවන මහා ආඝාත තත්ත්වයක් විය හැකි නිසා සුළු ලක්ෂණයක් යැයි අතපසු නොකර ප්‍රතිකාර කෙරෙහි යොමුවීම අත්‍යාවශ්‍යය. මොළයේ එක් පසෙකට හදිසියේම රුධිර සැපයුම අඩාලවීම නිසා මොළයේ එම කොටසට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාමෙන් එම ප්‍රදේශයේ සෛල හදිසියේ මිය යාමෙන්  ආඝාතය ඇතිවෙයි. රුධිර නාල අවහිරවීම නිසා  රුධිර කැටියක් සිරවිම නිසා ඒවැනි තත්ත්වයක් බොහෝවිට ආඝාතයට හේතු වන අතර මොළය තුළ ලේ නහරයක් පිපිරීම නිසාද එසේ ආඝාතයක් මතුවිය හැකිය.

ආඝාතය කළින් රෝග ලක්ෂණ නොපෙන්වන්නේ යැයි සිතූවත් ඔබට හදිසියේ ඇතිවන තද හිසරදය, හදිසියේම ඇතිවන ගිලීමේ අපහසුව, හදිසියේ ඇතිවන පෙනීමේ වෙනස්කම්,  හදිසියේම ඇතිවන ඇවිදීමේ අපහසුකම්,කරකැවිල්ල සහ සමතුලිතතාවයේ වෙනස්කම් , හදිසියේ ඇතිවෙන ශරීරයේ එක් පැත්තක පණ නැතිවීම හෝ දැනීම වෙනස්වීම එහි ලක්ෂණ ලෙස සැලකිය හැකිය.

ආඝාතය හා ෆාස්ට් යන වදනයේ ඇති සම්බන්ධතාවය සම්බන්ධයේ ඔබ ට අලුත් යමක් පවසන්නට අප අදහස් කරමු. ආඝාතයේ ඇතිවන රෝග ලක්ෂණ සම්බන්ධයෙන් මෙම ෆාස්ට් යන වචනය ඉංග්‍රීසි බසින් ලියන විට භාවිතා කරන අකුරුවල  ශබ්ධය භාවිතා කර මේ අදහස ඔබට මතකයේ තබාගත හැකිය එෆ් යන්නෙන් ෆේස් යන්න මතක තබාගත හැකිය. මුහුණේ එක් පැත්තක් පණ නැතිවීම කට පැත්තකට ඇදවීම ආඝාතයේදී දැකිය හැකි ලක්ෂණ වෙයි. එයින් පසු  ඒ අකුරින් ආර්ම් යන්න  මතක තබා ගනිමු.

එක් අතක් හෝ කකුලක් පණ නැතිවී ඇතිද යන්න එයින්  අර්ථවත් කරමු. එස් යන ඊළග අකුරින් ස්පීච් යන්න සලකමු. කතාවේ වෙනසක් ඇතිවි ඇත්ද කථාව පැටලෙනවාද, රෝගියාට පවසන දේ තේරුම්ගත හැකිද යන්න එයින් අරුත් ගැන්වෙයි. ටී අකුරින්  ටයිම් යන්න අදහස් වෙයි. වෙලාව නොඉක්මවා කඩිනමින් රෝගියා රෝහලට රැගෙන යා යුතු බව එයින් අදහස් වෙයි.

අධික රුධිර පීඩනය කොලෙස්ටරෝල අධිකතාවය සහ දියවැඩියාව ඇත්නම් වහාම පාලනය කර හද ගැස්මේ අසාමාන්‍යතාවයන් දුම්පානය, තරබාරුකම, ශාරීරික ව්‍යායාම මද කම, අධික මත් පැන් පානය, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වේල් අපට වෙනස් කළ හැකි සාධකයන්ය,  නමුත් අවු 65 ට වැඩිවීම පවුලේ ලගම ඥාතියෙකුට  ආඝාතය වැලදී තිබීම, මීට පෙර පුංචි ආඝාතයකට ලක්ව තිබීම වෙනස් නොකල හැකි සාධක අතර වෙයි. කෙසේ නමුත්  ඔබට ආඝාතයෙන් බේරී සිටින්නට උත්සහ කළ හැකි බව අමතක නොකරන්න.

CHINA STROKE HEALTH CARE OccupationalTherapy-patient Senior man training with dumbbell

ආඝාතයේ ගොදුරක් නොවන්නට... සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :