ජානිපෙට පක්ෂයක් ලෙස ස්වාධීන වෙන්න බෑ
( එච්.අයි.තුෂාර ) 2017-02-23 20:00:49
Comments - 0       Views - 686

විමල් වීරවංශ මහතාගේ පක්ෂය පාර්ලිමේතුව තුළ ස්වාධීන වන බව සඳහන් කළද එසේ කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණයට ඉදිරිපත් වී මන්ත්‍රී ධුර ලබාගෙන තිබෙන නිසා පක්ෂයක් ලෙස විමල් වීරවංශ මහතාගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ ස්වාධීන විය නොහැකි බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභික අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

විමල් වීරවංශ මහතාගේ පක්ෂය නියෝජනය කරන සියලුම නියෝජිතයන් මන්ත්‍රී ධුර ලබාගෙන තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කරමින් බවත්,මේ නිසා මන්ත්‍රීවරුන් ලෙස ස්වාධීන වීමට පවා ඔවුන් එම සන්ධානයේ මහලේකම්වරයාගේ අවසරය ගත යුතු බවත් අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

ජානිපෙට පක්ෂයක් ලෙස ස්වාධීන වෙන්න බෑ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :