අයිෆෝන් ගැන කරුණු හතක්
( . . ) 2017-01-24 13:40:49
Comments - 0       Views - 1182

01 ඇයි අයිෆෝන්?

2007 ජුනි 29 වැනිදා ස්ටීව් ජොබ්ස් අතින් එළිදකින පළමු අයිෆෝනය ඔවුන් ගෙනෙන්නේ ස්මාට්ෆෝන් උපාංගවල මූලික පිබිදීම ඇතිකරමිනුයි. එතැන් සිට මේ වන තෙක් ලොව ඉහළ ආකර්ෂණයක් සහ ඉහළ අලෙවියක් වාර්තා කරමින් ඉහළ මිලකට අයිෆෝන් අලෙවි වෙනවා.

Untitled-6 copy02 මේ වන තෙක් අයිෆෝන්?

1st gen (June 29, 2007), 3G(July 11, 2008), 3GS(June 19, 2009), 4(June 24, 2010), 4S(October 14, 2011), 5(September 21, 2012), 5C, 5S(September 20), 2013 6 / 6 Plus(September 19, 2014) 6S / 6S Plus(September 25, 2015) SE(March 31, 2016) 7 / 7 Plus(September 16, 2016)

03 කොපමණ අයිෆෝන්?

මේ වන තෙක් අයිෆෝන් බිලියනයකට අධික ප්‍රමාණයක් අලෙවි වී තිබෙනවා. 

04 අයිෆෝන් තුළ?

ඇපල් සමාගමෙන් නිපදවන iOS මෙහෙයුම් පද්ධතිය අයිෆෝන් තුළ ක්‍රියාත්මක වෙයි. එය නිකුත් කරන්නේ තම සමාගමේ උපාංගයන්ටම (අයිෆෝන්, අයිපෑඩ්, අයිපොඩ් ටච්) පමණක් වන අතර, එය ජනප්‍රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය ලෙසින් ගත් කල දෙවැනි වන්නේ ඇන්ඩ්‍රොයිඩ් වෙත පමණි.

05 කවුද ස්ටීව් ජොබ්ස්?

අයිෆෝන් සම්බන්ධයෙන් සිදුකරන කතාබහේ මුල් තැනක් දිනාගන්නට මීට වසර හයකට පෙර මියගිය ස්ටීව් ජොබ්ස් සමත් වෙයි. ඇපල් සමාගමේ සම නිර්මාර්තෘ, සභාපති, ප්‍රධාන විධායක නිලධාරී තනතුරු හොඹවා ඇති ඔහු ස්මාට්ෆෝනයක් ලෙස ඇපල් උපාංගයක් බිහිකිරීමේ පුරෝගාමියා වෙයි.

06 අයිෆෝන් ආරම්භය

අයිෆෝන් 2004 වසරේදී Project Purple නමින් කෙරුණු රහසිගත ව්‍යාපෘතියක අවසන් නිපැයුමයි. ටැබ් උපාංගයකින් වෙන්ව ජංගම දුරකථනයකට සමාන කළ හැකි උපාංගයක් නිමැවීම ස්ටීව් ජොබ්ස්ගේ අදහස වූ අතර, එය මෙම ස්මාට්ෆෝනයේ නිර්මාණ හැරවුමයි. ස්මාට්ෆෝන් ජනප්‍රිය වීම අරඹෙන්නේ 2008 වසරෙන් පමණ පසුව වුවද, පළමු ස්මාට්ෆෝනය ලෙස ජපාන සමාගමක් නිපදවන්නේ 1999 වසරේදී බවද මෙහිදී සඳහන් කළ යුතුය. පළමු අයිෆෝනයේ සිටම ලොව පුරා පාරිභෝගික ජනතාව එය මිලදී ගනු වස් රැස්ව සිටියහ.

07 මීලඟ අයිෆෝනය?

මේ වන විට අවසානයට නිකුත්ව ඇති ස්මාට්ෆෝනය වන්නේ iPhone7 සහ 7Plus වන අතර, මීලඟට නිකුත්වීමට නියමිත ස්මාට්ෆෝනය ලෙස දැක්වෙන්නේ iPhone 8ය. එය පිළිබඳ ජාත්‍යන්තර තාක්ෂණික විශ්ලේෂකයන් දක්වන අදහස් අනුව එය වඩා ඉක්මනින් චාර්ජ් කිරීමේ පහසුවද, විශාල සහ වක්‍රාකාර වූ තිරයක් සමග පැමිණෙතැයි විස්තර කෙරේ. මේ වසර තුළ අයිෆෝනය සිය දසවසර සමරන බැවින් ඒ වෙනුවෙන්ද විශේෂ  ස්මාට්ෆෝනයක් නිකුත් කිරීමේ අදහසක් ඇතැයි දැක්වෙයි.

 

 

 

 

 

 

 

 

 

 

අයිෆෝන් ගැන කරුණු හතක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :