ඇෆ්ගන් ප්‍රහාරයෙන් UAE නිලධාරීන් ජීවිතක්ෂයට
( නරේන් විශ්වජිත් ) 2017-01-11 23:00:06
Comments - 0       Views - 260

ඇෆ්ගනිස්තානයේ කන්ධාර් හි සිදුවූ ප්‍රහාරයෙන් තම නිලධාරීන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය තහවුරු කර තිබේ.

කන්ධාර් ආණ්ඩුකාරවරයාගේ අමුත්තන්ගේ නිවස අසල සිදුවූ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවත්, ඒ අතර, කන්ධාර් නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා, තවත් ජ්‍යෙෂ්ඨ අෆ්ගන් නිලධාරීන් දෙදෙනෙක් හා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද සිටින බව කියයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් 18 දෙනා අතර, ආණ්ඩුකාරවරයා මෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයාද වෙයි.

ඇෆ්ගනිස්තානය තුළ අඟහරුවාදා සිදුවූ ප්‍රහාර කිහිපයෙන් එකක් ලෙස මෙය සැලකෙයි.

ඇෆ්ගන් ප්‍රහාරයෙන් UAE නිලධාරීන් ජීවිතක්ෂයට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...