සංචාරක කර්මාන්ත නිපුණතා නැංවීමට ඔස්ට්‍රේලියා ආධාර
( ෂමිල පෙරේරා ) 2017-01-11 22:28:43
Comments - 0       Views - 366

පුහුණු වැඩසටහන් සහ රැකියා නියුක්තිකයන් වෙත මෙන්ම, කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා උපදෙස් ලබාදීම ඔස්සේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා වසර 4ක කාලයක් පුරා රු.බිලියන 1.6ක මුදලක් මූල්‍ය සහ තාක්ෂණික ආධාර වශයෙන් සැපයීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබේ.

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා විසින් නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේද සහභාගීත්වයෙන් යුතුව සර්වග්‍රාහී වර්ධනයක් සඳහා වන නිපුණතා වැඩසටහන අද (11දා) එළිදැක්වීය.

ඉහළ නිපුණතාවකින් යුතු ශ්‍රම බලකායක් නිර්මාණය කරගැනීම මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.

ඡායාරූප ඉසුරු පෙරේරා

AID_6663 AID_6666 AID_6668 AID_6670 AID_6674 AID_6677 AID_6682 AID_6692 AID_6696 AID_6699 AID_6709 AID_6712 AID_6715

 

සංචාරක කර්මාන්ත නිපුණතා නැංවීමට ඔස්ට්‍රේලියා ආධාර සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :