GSP සහනය ලබා ගැනීම සැමගේ ජයක්
( . . ) 2017-01-11 18:33:17
Comments - 0       Views - 303

ජනතා අයිතිවාසිකම් හා හිමිකම් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම සඳහා පසුගිය දෙවසර තුළ රජය සිදු කළ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබා ගැනීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙය යහපාලන රජය විසින් ලබා ගත් ජයග්‍රහණයක් පමණක් නොවන බවත් මුළු මහත් ශ්‍රී ලාංකිකයන් විසින්ම ලද ජයක්  බවත්  ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

"ඇඟළුම් ඇතුළු දේශීය නිෂ්පාදනයන්ට මේ නිසා වඩාත් පුළුල් ලෙස යුරෝපීය වෙළෙඳ පොළට යළි ප්‍රවේශ වීමේ අවකාශ සැලසෙනු ඇත. මේ නිසා නව රැකියා අවස්ථා ගණනාවක් මෙන්ම නව ආදායම් මාර්ග රැසක් ද අප රට තුළ නිර්මාණය වනු ඇත.

ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබා ගැනීම සඳහා කැපවිම් කළ හා වෙහෙසුණු අය මෙන්ම සහය ලබාදුන් අය ද බොහෝය. ඒ සියලු දෙනාට ස්තුතිය පළ කිරීමට ද මෙය අවස්ථාව කර ගනිමි." යැයිද එම නිවේදනයේ දැක්වෙයි.

GSP සහනය ලබා ගැනීම සැමගේ ජයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :