ජනපති එජාප විරෝධී බව ඉසුර කියයි
( අම්ත් මධුරංග ) 2017-01-11 14:43:29
Comments - 0       Views - 574

මෛත්‍රීපාල සිරිසේන මහතා උග්‍ර එජාප විරෝධියෙකු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අද(11දා) පැවසීය.

මේවනවිට පොදු අපේක්ෂකයෙකු නොමැති බවත්, දැන් සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා පමණක් බවත් පැවසූ මහඇමතිවරයා ඊළඟ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බවද කියා සිටියේය.

රජයේ මූල්‍ය පාලනය හා නීතිය හසුරුවන අය පිළිබඳ ගැටලු තිබෙන බවත්, මේ නිසා රජය ගැන ජනතා අප්‍රසාදයක් තිබෙන බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ආණ්ඩුවක සිටිමින් එක්සත් ජාතික පක්ෂය දේශපාලනයක නිරත වුවද, ඊට මුහුණදීමට බස්නාහිර පළාත් සභාවට ශක්තිය තිබෙන බවයි.

ජනපති එජාප විරෝධී බව ඉසුර කියයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :