ප්‍රීතියෙන් ජීවත් වීමේ කලාව ඇත්තේ ඔබ තුළමයි
( නදීශානි පතිරණ ) 2017-01-11 11:34:55
Comments - 0       Views - 974

ඇය තම දිවියේ අනූ අටවැනි වසර ගත කරමින් සිටියද තවමත් තම සිරුර නම්‍යශීලීව තබා ගනිමින් යෝග ව්‍යායාම උගන්වන්නීය. අට හැවිරිදි වියේදී ඉන්දියාවේ ජීවත් වූ කාලය තුළ ඇය යෝග හැදෑරුවාය. ඉන්පසුව ඇය වසර 75කට අධික කාලයක් පුරාවටම යෝග ගුරුවරියක ලෙස කටයුතු කරන්නීය.

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වර්තමානයේ ජීවත් වන ඇය පෝර්චොන් ලින්ච් නම් වන්නීය. 98 වැනි වියේ පසු වුවත් අදද ඇය උදෑසන 05ට පෙර අවදි වී යෝග ව්‍යායාම් කරන මෙට්ට පිරිසුදු කරන්නීය. 

''අපිට හැමදේම කරන්න පුළුවන්. අපිට කළ නොහැක්කක් නැහැ. සෑම උදෑසනකම මම අවදි වුණාට පසුව හිතන්නේ අද තමයි මගේ ජීවිතයේ උදාවුණු හොඳම දවස කියලයි. ඉතිං එය එසේම වෙන ආකාරයට දවස ගෙවනවා'' යනුවෙන් ලොව වයස්ගතම යෝග ගුරුවරිය ලෙස හඳුන්වන ලින්ච් සඳහන් කරන්නීය. 

බෝල්රූම් නර්තන ශිල්පිනියක මෙන්ම මෝස්තර නිරූපිකාවක ලෙස තුරුණු දිවිය ගත කළ ඇය දවසින් දවස තම තුරුණු ශක්තිය ආරක්ෂා කරගෙන ඇත්තේ නිර්මාංශශීලී වීමෙන් බව ඇය සඳහන් කරයි. 

තවමත් යෝග ව්‍යායාම් උගන්වන පුහුණු උපදේශිකාවක ලෙස කටයුතු කරන මේ 98 හැවිරිදි කාන්තාව පවසන්නේ ප්‍රීතියෙන් ජීවත්වීමේ කලාව සැඟව ඇත්තේ තමන් තුළ බවත්, එය විශ්වාස කර ජීවත් වීම සිදුකළ යුතු බවත්ය. 

ඩේලිමේල් ඇසුරෙනි

Tao-Porchon-Lynch (1) tao-porchon-lynch yogitimes-tao-5

ප්‍රීතියෙන් ජීවත් වීමේ කලාව ඇත්තේ ඔබ තුළමයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :