Beauty Trends of 2017
( නදීශානි පතිරණ ) 2017-01-10 14:27:32
Comments - 0       Views - 393

උදාවූ 2017 වර්ෂයේ සිතුම්පැතුම්, අධිෂ්ඨාන වෙනස් වන්නේ යම් සේද ලෝකයට එකතු වන විලාසිතාවන්ද වෙනස් වෙනවා. මෙලෙස ලොවට එකතු වන නව්‍යතා ඇසිල්ලකින් ලෝකයේ ඕනෑම රටකට ගමන් කරන්නේ අන්තර්ජාලය හරහායි. ඒ නිසාම විලාසිතා ලෝකයත් නිරන්තරයෙන්ම නව්‍යතා සමගින් යාවත්කාලීන වීමක් සිදුවෙනවා. ඒ නිසාම 2017 වර්ෂයේ රූපලාවණ්‍ය ක්‍ෂේත්‍ර‘යට එකතු වූ නව්‍යතා කිහිපයක් මෙලෙස හඳුන්වාදෙනු ලබන්නේ ලෝක ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පිනියක වන රාචෙල් බෘෘක් විසිනි. 

ඇය පවසන පරිදි 2017 වර්ෂයේ රූපලාවණ්‍ය නිෂ්පාදන තට්ටු පිටින් ආලේප කරන නැඹුරුව වෙනස් වනු ඇති බවයි. ඇය පවසන ආකාරයට 2017 වසර ස්වභාවිකත්වයට වඩාත් නැඹුරුවන රූපලාවණ්‍ය තැවරුම් පමණක් ජනප්‍රිය වනු ඇත. විශේෂයෙන් ස්වභාවික රූ සපුවේ ලස්සන උද්දීපනය වන ආකාරයට රූපලාවණ්‍ය තැවරුම් භාවිතයට මේ වසරේ වැඩි ඉඩක් යොමු වේවි. 

වර්ණ සමායෝජනය 

ඇස් පිහාටු මත ආලේප කරන වර්ණයන්, තොල් ආලේපන හා අනෙකුත් රූපලාවණ්‍ය makeup තැවැරුම් එක හා සමාන වර්ණයන් යොදාගෙන වර්ණ සමායෝජනයක් අනුව makeup කිරීම් මෙම වර්ෂයේ ජනප්‍රිය වනු ඇත.

ලප කැලැල් 

ස්වභාවිකව උරුම වූ ලප කැලැල් වැසී යන ආකාරයෙන් රූපලාවණ්‍ය නිෂ්පාදන තට්ටු පිටින් ආලේප කිරීම වෙනුවට එම ලප කැලැල් පෙනෙන නමුත් තොල් මත කැපී පෙනෙන තද වර්ණයන් ආලේප කිරීමෙන් ස්වභාවිකත්වයට ඉඩදෙන ආකාරයේ රූපලාවණ්‍ය තැවරුම් මේ වසරේදී වඩාත් ජනප්‍රිය වනු ඇත. 

තිරස් අතට Bronzer ආලේප කිරීම 

අධික හිරු රශ්මියට නිරාවරණය වීම නිසා ඇස් දෙකට පහළින් නහය හා කම්මුල් යාකරන ආකාරයට තිරස් අතට ඇතිවන සමේ වර්ණය තද පැහැ ගන්වන ආකාරයට තද වර්ණයෙන්ගෙන් වන Bronzer ආලේප කිරීම 2017 වර්ෂයේ නව ප්‍රවණතාවක් වේවි. 

වර්ණ ප්‍රදීපන

සමේ වර්ණය කැපී පෙනෙන ආකාරයෙන් ඉස්මතු කිරීම සඳහා ආලේප කරන illuminators නැත්නම් ප්‍රදීපන තැවරුම් ආලේප කිරීමත් නව වසරේ රූපලාවණ්‍ය ප්‍රවණතා අතරට එකතු වනු ඇති.

 

පිහාටු හැඩැති තොල් 

පැහැදිලිව කැපී පෙනෙන අයුරින් තොල් මත ආලේපන තවරා තොල් කුරුළු පිහාටුවක හැඩයෙන් වර්ණගන්වා ගැනීම නව ප්‍රවණතාවයක් වනු ඇත. 
මේ සඳහා කැපී පෙනෙන වර්ණ, විශේෂයෙන් තද හා දීප්තිමත් වර්ණ යොදාගනු ඇත. 

වෛවර්ණ මස්කාරා

කළු වර්ණයෙන් මස්කාරා තැවරීම කෙරෙහි පසුගිය වසරේ වැඩි අවධානයක් යොමු කෙරුණද, 2017 වර්ෂයේ වෛවර්ණ මස්කාරා පැවරුම් අනුගමනය කිරීම විලාසිතාව බවට පත්වනු ඇත. විශේෂයෙන් නිල් වර්ණය, ලෝහරත්‍රන් වර්ණය නව වසරේ මස්කාරා තැවරුම් අතර ජනප්‍රිය වනු ඇත.

Beauty Trends of 2017 සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :