යුරෝපය පුරා දැඩි සීතල හේතුවෙන් ජීවිත හානි 20ක්
( නරේන් විශ්වජිත් ) 2017-01-09 21:14:32
Comments - 0       Views - 429

යුරෝපය පුරා පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉරිදා දිනයේදී පෝලන්තයේ පමණක් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන් තිදෙනෙකු පෝලන්තය වෙත පැමිණි සංක්‍රමණිකයන් බවත්, ඔවුන් ඉරාකය හා සෝමාලිය යන රටවලින් පෝලන්තය වෙත පැමිණ සිටි අය බවත් කියැවෙයි.

ඔවුන්ගේ සිරුරු තුරුක් හා බල්ගේරියානු දේශසීමා ආසන්නයේදී හමුවී තිබේ. මේ අතර, යුරෝපයේ සිදුව ඇති සෙසු මරණ ඉතාලිය, චෙක් රිපබ්ලික් සහ යුක්රේනය යන රටවල සිදුව තිබේ.

දැඩි හිම පතනයක් සමග පවතින මෙම ශීත කාලගුණය හේතුවෙන් ගුවන්ගමන් රැසක් සීමා කර ඇති අතර, ඇතැම් වරායවල ධීවර කටයුතුද සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම, රුසියාව ආශ්‍රිතව ඇතැම් කලාපයන්හි සෙල්සියස් අංශක ඍණ 40ක උෂ්ෂණත්වයක් වාර්තා වී ඇති බවද කියැවෙයි.

යුරෝපය පුරා දැඩි සීතල හේතුවෙන් ජීවිත හානි 20ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...