දෑස් හරිහැටි නොපෙණුනත් ගාල්ලෙන් පළමු තැන ගත් දැරිය
( . . ) 2017-01-09 10:46:19
Comments - 2       Views - 3554

මෙවර උසස් පෙළ විභාගයේ කලා අංශයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ  තනුෂි තත්සරා දිව්‍යාංජලී මල්ලිකාරච්චි සිසුවිය සමත්ව සිටින්නීය.

හරිහැටි දෑස් නොපෙනෙන ඇය A සාමාර්ථ හතරක් ලබාගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයත් දිවයිනෙන්ම 18 වැනි ස්ථානය දිනාගැනීමට සමත්ව ඇත. ඉංග්‍රීසි, ප්‍රංශ, දේශපාලන විද්‍යාව සහ සාමාන්‍ය ඉංග්‍රීසි යන විෂයන් සඳහා ඇය විශිෂ්ට සාමාර්ථ හිමිකරගෙන සිටින්නීය.

ගාල්ල කලේගාන හීන්පැන්දල ප්‍රදේශයේ පදිංචි ඇය සැබැවින්ම දිරිය දියණියකි. උපතේදීම ඇගේ දෑස් දෙකම නොපෙනී ඇති අතර පසුව ඇයගේ වයස අවුරුදු 04 දී පමණ කරන ලද සැත්කමකදී එක් ඇසක් සඳහා කළ ශල්‍ය කර්මයකින් තරමක හෝ පෙනීමක් ලබාදීමට වෛද්‍යවරුන් සමත් වී ඇත.

මේ හේතුව නිසා ඇය එක වසරේ සිටම අභ්‍යාස පොත අසලටම හිස පහත් කරගෙන සිය සටහන් ලිවීම සිදුකරයි. එසේ වුව ද ඇය විශේෂ අවශ්‍යතා ඇති දැරියක සේ සමාජය සලකනවාට ඇගේ කැමැත්තක් නොතිබිණි.

ඇයට සෑම විටම අවශ්‍ය වී ඇත්තේ සාමාන්‍ය දරුවෙකු ලෙස සිටීමයි. ඒ අනුව සාමන්‍ය දරුවන් මෙන් සාමාන්‍ය පෙළ විභාගය ඉදිරිපත් වී සමත් වී ඇති අතර පසුව උසස් පෙළ විභාගයටද ඇය මුහුණදී ඇත්තේ සාමාන්‍ය දරුවන් පරිදිමය.

තම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක් වූ තනුෂි තත්සරා මල්ලිකාරච්චි සිසුවිය මෙසේ පැවසුවාය,

"මට ඕන වුණේ ඇස් දෙකම හොඳට පේන අය වගේම සාමාන්‍ය විදියට දිවි ගෙවන්නයි. මගේ එක ඇසක් සම්පූර්ණයෙන්ම පේන්නේ නෑ. අනිත් ඇසින් සාමාන්‍ය පේන අයගේ ප්‍රමාණය වගේ සියයට පහළොවක් වගේ පේන්නේ කියලා තමයි වෛද්‍යවරුන් කිවුවේ. මම ඒ පේන ප්‍රමාණයෙන් කෙහොම හරි වැඩ කළා. මම නිතරම හිතන්නේ මම සාමන්‍ය කෙනෙක් කියලයි. මම කැමති නෑ මම විශේෂ අවශ්‍යතා ඇති කෙනෙක් කියලා හඳුන්වනවාට.

මගේ අම්මා තාත්තා මා වෙනුවෙන් දරපු මහන්සියට මට දැනුණා. මම ඒ නිසාම කොහොම හරි හොඳින් වැඩ කළා. මගේ ඇස් පේන්නේ නැති නිසා වේගයෙන් පිළිතුරු ලියන්න අමාරුයි. උසස් පෙළ කරන්න ආපු මුල්ම දවස් වල කල්ප නානායක්කාර සර්ගේ දේශපාලන විද්‍යාව පේපර් එකේ එක පැත්තක්ම මට අත් හැරිලා තිබුණා. බෙහෝ වෙලාවට එහෙම වුණේ ඒ පැත්ත මට නෙපෙනුන නිසා. පසුව මම ඒකත් හදාගත්තා.

උසස් පෙළට ආවම තවත් බාධයක් වුණේ වේගය හදාගැනීම. මම ගොඩක් පාත් වෙලා ලියන නිසා ටිකක් වෙලා ලියන කොට කොන්ද රිදෙනවා. නමුත් කාලයත් එක්ක මම පහත් වෙලා වේගයෙන් ලියන්න පුරුදු වුණා. මගේ පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු එක වසරේ සිට දහතුන වසර දක්වා මට උගන්වපු සියලු ගුරුවරුන්ට මාගේ අච්චිට, නංගිට, පුංචිට සහ යාළුවන්ට මම ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම උසස් පෙළ දී මගේ විද්‍යාලයේ සහ පෞද්ගලික පංති වල මට උගන්වපු කල්ප නානායක්කාර සර්, චම්පා මිස්, දිල්හාරා මිස්, සරත් සර්, ඉඳුනිල් සර්, ලියනගේ සර් ඇතුළු අයට ස්තුතිවන්ත වෙනවා.

තනුෂි මෙම දක්ෂතාවට අමතරව තවත් දක්ෂතා සහිත දරුවෙකි. ඇයට භාෂා 04 ක් හොදින් කතා කිරීමේ  හැකියාව ඇත. ඉංග්‍රීසි, දෙමළ, ප්‍රංශ සහ සිංහල භාෂා හතරම ඇය ඉතා චතුර ලෙස භාවිත කරයි.   පසුගිය  වසරේ පැවති සමස්ත ලංකා ඉංග්‍රීසි නිර්මාණාත්මක තරගයේ දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත්තේ ඇයයි. ඇය මේ වන විට ඉංග්‍රීසි කවි පොතක් ලියා ඇති අතර නුදුරේ දීම එය මුද්‍රණය කිරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින බවද තනුෂි පවසා සිටියි.

_____-___-___-______-_____-____-_____-_____-2 hos

නිමල් අල්ගෙවත්ත

දෑස් හරිහැටි නොපෙණුනත් ගාල්ලෙන් පළමු තැන ගත් දැරිය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by lanka on (2017-01-10 09:34:38)

cant they get a help from overseas doctors to recover her eyes. if so I am sure our people would help her definitely. Please check and let us know. wish her every success in her life

Posted by Sunil on (2017-01-09 19:19:50)

A very commendable performance. We wish her well.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :