ආනයනික සහල් සියලු බදු වෙනුවට විශේෂ බද්දක්
( ෂමිල පෙරේරා ) 2017-01-06 18:49:50
Comments - 0       Views - 394

ආනයනික සහල් සඳහා මෙතෙක් අය කෙරුණු බදු වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

නියඟය හේතුවෙන් ඉහළ ගිය සහල් මිල හමුවේ දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවට සහනයක් සැලසීම සඳහා අද (06දා) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික සහල් සඳහා වූ බදු අඩු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, සහල් කිලෝ ග්‍රෑම් එකක් ආනයනය කිරීමේදී පනවා තිබූ රු.50/- ක් වූ රේගු බද්ද, 15% ක් වූ එකතු කළ අගයමත බද්ද, 7.5% ක් මට්ටමේ පැවති වරාය හා ගුවන්තොටුපොළ බද්ද සහ 2% ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම සියලුම බදු වෙනුවට ආනයනික සහල් කිලෝ ග්‍රෑම් එකකට රු.15% ක් අවම ප්‍රමාණයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් අය කරනු ඇති බවද මුදල් අමාත්‍යාංශය කියයි.

මෙසේ බදු බවත් කරන සහල් වර්ග අතරට සම්බා, නාඩු සහ රතු කැකුළු අයත් වන බවත්, බාස්මතී සහල් වෙනුවෙන් මෙම සහනය හිමි නොවන බවත් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ආනයනික සහල් සියලු බදු වෙනුවට විශේෂ බද්දක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :