ශ්‍රී ලංකාව හරිත බලශක්තියට පරිවර්තනය කිරීම සඵල වේවි
( ෂමිල පෙරේරා ) 2017-01-04 23:55:42
Comments - 0       Views - 284

වේගවත් සංවර්ධනයක් සඳහා වන ගමන් මග යථාර්ථයක් බවට පත් කරමින් ශ්‍රී ලංකාව හරිත බලශක්තියට පරිවර්තනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ ලබන 09 වැනි දින ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

මෙම ජාතික වැඩපිළිවෙළ යටතේ සියලු රාජ්‍ය ආයතන සූර්ය බලශක්තියට පරිවර්තනය කරන අතර එහි පළමුවැන්න එදින පෙරවරු 10.00ට මුදල් අමාත්‍යාංශයෙන් ඇරැඹීමට සියලු පියවර ගෙන ඇති බවද සඳහන්ය.

මෙරට විදුලි බල උත්පාදනය පවතින්නේ මෙගාවොට් 4,000ක පමණ මට්ටමක බවත්, රට තුළ සිදුවන වේගවත් සංවර්ධනය හේතුවෙන් 2020 වනවිට විදුලිය අවශ්‍යතාව මෙගාවොට් 5,300ක් දක්වා ද, 2025 වනවිට එය මෙගා වොට් 7,500 දක්වා ද ඉහළ යනු ඇතැයි අනුමාන කෙරෙන බවත්  එබැවින් තවත් වසර කිහිපයකින් එල්ලවන මේ අභියෝගයට අද සිටම මුහුණදීම ඉදිරි දැක්මක් සහිත රජයක වගකීම වන බවද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාව හරිත බලශක්තියට පරිවර්තනය කිරීම සඵල වේවි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :