NDB ප්‍රධාන විධායක ලෙස දිමන්ත සෙනෙවිරත්න පත්වේ
( ෂමිල පෙරේරා ) 2017-01-04 23:30:30
Comments - 0       Views - 311

ජාතික සංවර්ධන බැංකුව පීඑල්සී (NDB) නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස දිමන්ත සෙනෙවිරත්න මහතා පත්ව තිබේ. ආගමානුකූල චාරිත්‍ර පෙරටු කරගනිමින් 2017 වර්ෂය සඳහා සිය ව්‍යාපාර මෙහෙයුම් ඇරඹූ NDB බැංකුවට මෙය සුවිශේෂී අවස්ථාවක් විය.

ප්‍රාග්ධනීකරණයෙන් NDB පදනම තව දුරටත් සවිබලගන්වමින් සියල්ලන්ගේ උපරිම හැකියාවන් උපයෝගී කරගනිමින් වර්ධනීය ගමන් මඟක නිරතවිය යුතු බව NDB ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නිලධාරීන් අමතමින් නව ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ දිමන්ත සෙනෙවිරත්න මහතා පවසා සිටියේය.

දිමන්ත සෙනෙවිරත්න මහතා බැංකුකරණ ක්ෂේත‍්‍රයේ වර්ෂ 26කට ආසන්න පළපුරුද්දක් සහිත බැංකුකරුවෙකි. ගතවූ වර්ෂ තුනක කාලසීමාවේදී සෙනෙවිරත්න මහතා පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ ලෙස කටයුතු කර තිබේ. ඊට පෙර වර්ෂ 15ක කාලයක් HSBC සමූහයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු කිහිපයක්ම උසුලා ඇත. එමෙන්ම, සෙනෙවිරත්න මහතා බැංකු ක්ෂේත්‍රයේ වෘත්තියට පිවිස ඇත්තේ සම්පත් බැංකුව සමග සම්බන්ධ වෙමිනි. එසේම ඔහු HSBC සමග සම්බන්ධවීමට පෙර ඕවර්සීස් ට්‍රස්ට් බැංකුවේ කොළඹ ශාඛාව සහ සෞදි බ්‍රිටිෂ් බැංකුවටද සේවය ලබාදී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ උපාධිධාරියෙකු වන සෙනෙවිරත්න මහතා එම විශ්වවිද්‍යාලයේම BSc උපාධිධාරියෙකුද වේ. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ යාවජීව සාමාජිකත්වය දරණ අතර NIBM ආයතනයේ පරිගණක පද්ධති නිර්මාණය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකුද වේ. 2016 වර්ෂයේදී බොස්ටන් නුවර හාවර්ඩ් බිස්නස් ස්කූල් හි ඉහළ විභවතා නායකත්ව වැඩසටහනද සාර්ථකව සම්පූර්ණ කිරීමට සෙනෙවිරත්න මහතා සමත්ව සිටින බව ඔවුහු පවසති.

NDB ප්‍රධාන විධායක ලෙස දිමන්ත සෙනෙවිරත්න පත්වේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :