මත්කුඩු නිසා කිරුළ අහිමි වන රූපරාජිනිය
( අද කර්තෘ මණ්ඩලය ) 2017-01-04 18:17:14
Comments - 0       Views - 1009

මත්කුඩු හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ රූප රාජිනියකට කිරුළක් අහිමිවන ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති ලෙබනන් ජාතිකයන්ගේ රූප රැජිනිය ලෙස අභිෂේක ලැබූ 18 හැවිරිදි නාඩා ඝම්රාවි නම් තරුණියක් මෙම සිදුවීමට මුහුණපා තිබේ.

පසුගිය 21දා ඇය ගමන්ගත් මෝටර් රථය ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් පරීක්ෂා කිරීමෙන් පසුව එහි තිබී මත්කුඩු ග්‍රෑම් 22ක් සොයාගැනීම ඇයට කිරුළ අහිමිවීමට හේතුව වී තිබෙනවා.

ඉන් අනතුරුව ඇයව පොලිස් අත්අංගුවට පත්ව ඇති අතර ඩොලර් 1350ක දඩයක් ගෙවීමෙන් පසුව ඇය නිදහස් කර තිබෙනවා. කෙසේ වෙතත් ඇයට එරෙහිව මත්කුඩු චෝදනා ගොනුව නොමැති අතර මෝටර් රථයේ ගමන්ගත් 20 හැවිරිදි තරුණයෙකුට මත්කුඩු සැපයීමේ චෝදනා එල්ල වී තිබෙනවා.

මේ පිළිබඳව අවධානය යොමු කර ඇති ලෙබනන් ඔස්ට්‍රේලියා රූප රැජින තරගාවලියේ සංවිධායකයන් ඇයට එල්ල වූ චෝදනා හේතුවෙන් නාජාගෙන් කිරුළ නැවත ලබාගැනීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් නාජාට එල්ල වී ඇති චෝදනා ඇයගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. 

3BC6ACE300000578-0-image-a-21_1483367968224 3BC6ACED00000578-0-image-a-18_1483367692555 3BC6ACF300000578-0-image-a-6_1483367629743 3BC6ACFD00000578-0-image-a-20_1483367959323 3BC6CF8C00000578-4081872-The_beauty_queen_was_fined_more_than_1_350_at_Bankstown_police_s-a-1_1483393550721 3BC9F10700000578-4081872-image-a-3_1483394684664 3BC9F11500000578-4081872-image-a-2_1483394682995  3BCA564800000578-4081872-image-a-5_1483401702332 3BCA565100000578-4081872-image-a-6_1483401751311 043d947181a687de57cc8655e7560d09 a6310cfe25c41644710b1e17c84a2e28

මත්කුඩු නිසා කිරුළ අහිමි වන රූපරාජිනිය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :