ථේරවාදී දර්ශනය ව්‍යාප්තියට ජනපති කැපවෙයි
( අද කර්තෘ මණ්ඩලය ) 2016-12-14 12:22:38
Comments - 2       Views - 727

(VIDEO) ථේරවාදී බෞද්ධ දර්ශනය ලොවටම ව්‍යාප්ත කිරීමට රජය උපරිමයෙන් කැපවෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, කොබ්බෑකඩුව, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ ශාක්‍යසිංහ සුගන්ධ කුටිය ශාසනයට පූජාකිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (13දා) පස්වරුවේ එක්වෙමිනි.

දිනපතා ආගමික වතාවත්වල නිරත වුවද යහපත් මිනිසුන් බිහිවන්නේ ආගමානුකූලව ජීවත්වීමෙන් පමණක් බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, වැඩි වශයෙන් සමාජය පිරිහෙන්නේ මිනිසුන් ආගම අනුව තම ජීවිතය ගතනොකිරීම හේතුවෙන් බවද පෙන්වා දුන්නේය.

නොසන්සුන් මනසක් ඇති මිනිසුන් සන්සුන් කළ හැකි එකම දහම බුදු දහම බවත්, මේ වනවිට බටහිර ලෝකයද බෞද්ධ දර්ශනය පිළිබඳ වැඩි නැඹුරුවක් දක්වන බවත් හෙතෙම පවසා සිටියේය.

නෙල්ලිගල රාජමහා විහාරස්ථානයට ගිය ජනාධිපතිවරයා මහා සංඝරත්නය බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඥානන්ද ඥානරතනාභිධාන ස්වාමීන් වහන්සේට අටපිරිකර පූජාකර ත්‍රිවිධ රත්නයේ ආශීර්වාද ලබාගත්තේය.

මේ අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන් ඇතුළු මැතිඇමතිවරුන්ද, ජයන්ති සිරිසේන මහත්මිය හා හේමා ප්‍රේමදාස මහත්මියද, ප්‍රදේශවාසී ජනතාවද එක්ව සිටියහ. 

ථේරවාදී දර්ශනය ව්‍යාප්තියට ජනපති කැපවෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by දේවානම්පියතිස්ස on (2016-12-14 03:07:05)

ඔබතුමා ඔය මොන කැපවීම් කරනවා කිව්වත් හිමින් සීරුවේ නිහඬව මහායාන දර්ශනය ලංකාව තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. දැන් මහායාන ක්‍රමයට පවත්වාගෙන යන පන්සල් ප්‍රමාණය ගැන ඔබේ නොදැනීම ගැන කරුණාකර අවධාරණය යොමු කරන්න.

Posted by Deepal Nirosh on (2016-12-14 02:25:55)

Dear Sir, your thinking is best. But you should first look after the Buddhism in Sri Lanka. If it is successful, then you can take it through the world and only if. Shortly think " First Sri Lanka, Secondly the World ".

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :