උඳුවප් පොහෝ දිනය අදයි
( චාමර සම්පත් ) 2016-12-13 09:22:24
Comments - 0       Views - 648

උඳුවප් පුර පසොළොස්වත පොහෝ දිනය උදාවීමත් සමගම මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින් (13දා) ආරම්භ විය.ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කීරීම සඳහා සදාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ රැගත් පෙරහර පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රී  පාද රජමහා විහාරස්ථානයෙන් ඊයේ (12දා) අලුයම ගමන් ඇරඹූ අතර, අද(13දා) අලුයම ශ්‍රී පාද පද්මය වෙත ළඟාවිය.

සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ ශ්‍රී පාද මළුවේ තැන්පත් කිරීමත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඇරඹිණි.පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රී  පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සදාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ පෙරේදා (11දා) පස්වරුවේ සුභ මොහාතින් දොරට වැඩීම සිදු කරනු ලැබූ අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද සිදුකළහ.

දේවාභරණ වැඩම කරවීමේ පෙරහර මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී පාද ස්ථානය දක්වා වැඩම කරවීම සිදුවූ අතර, එක් පෙරහරක් පැල්මඩුල්ල, රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේත්,  තවත් පෙරහරක් පැල්මඩුල්ල - බලංගොඩ බගවන්තලාව හරහාත් අනෙක් පෙරහර පැල්මඩුල්ල රත්නපුර, අවිස්සාවේල්ල, යටියන්තොට හැටන් මස්කෙළිය හරහාත් ගමන් ‍කෙරිණි.

මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී පොලිතින් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි  සංවිධායක කමිටුව නිවේදනය කළේය.
මෙවර ශ්‍රී පාද සමය 2017 වසරේ වෙසක් පුර පසොළොස්වක පොහෝය දිනයෙන් අවසන් වෙයි.

 

උඳුවප් පොහෝ දිනය අදයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :