අත් රේන්ද බීරලු කර්මාන්තයෙන් දිවිය ජයගත් කතක්
( . . ) 2016-11-29 18:10:48
Comments - 0       Views - 704

පරම්පරාවෙන් ලද දායාදයක් ලෙස සලකමින් තවමත් අත් රේන්ද බීරලු කර්මාන්තයෙහි නියැළෙන කාන්තාවක්, ගාල්ල, මකුළුව, මහලිය වත්තේදී අපට හමු විය. ඇය නමින් මල්ලිකා පතිරණයි.ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලෙන් උසස් පෙළ සමත් වනතුරු ඇය අධ්‍යාපනය ලැබුවාය.

විවිධ  බාධක  මැද නොපසුබස්නා උත්සාහයෙන් යුතුව පැමිණි ඒ ගමන අද වනවිට ජයගෙන ඇත. ඇය බීරලු රේන්ද කර්මාන්තයට දක්වන්නේ ඉමහත් දක්ෂතාවකි. මේස දරණු, සාය හැට්ට මෝස්තර, මේස රෙදි, තිර රෙදි ඇය අතින් නිමවන්නීය. වසර තිහක අත්දැකීම් ඇති ඇයගේ නිර්මාණ සඳහා ඉහළ ඉල්ලුමක්ද ඇත. ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි ගුරු පුහුණු ශිල්පිනියකි.

කුඩා කල සිට තම මවගෙන් ලද ආභාසයෙන් හා පුහුණුවෙන්  බීරලු රේන්ද  කර්මාන්තයට පිවිසි ඇය  අද වනවිට ක්ෂේත්‍රයේ ඉතා ඉහළට පැමිණ ඇත. මෙම කර්මාන්තය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට ඇයට පවුලේ කෙනෙකු නැතත්, ඇය ආධුනිකාවන් රැසක්ම මෙම කර්මාන්තයට  දායාද කරදීමට සමත් වී ඇත. මේ සඳහා ජාතික ශිල්ප සභාව, ගාල්ල කොටුව තරුණ ක්‍රිස්තියානි සංගමය බෙහෙවින්ම උපකාරී වූ බව ඇය පවසයි.

ජාතික ශිල්ප සභාවේ මැදිහත් වීම මත පවත්වන ලද දිස්ත්‍රික් තරගවලදී ඇය සම්මාන සහතික ද දිනාගෙන තිබේ.කෙසේවෙතත් ඇය පවසන්නේ නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කරගැනීමේ අපහසුතාපවතින බවයි. අලෙවි ප්‍රදර්ශනවලට සම්බන්ධ වීම තුළින් නිෂ්පාදන සඳහා වෙළඳ පොළක් නිර්මාණය කරගන්නා බවද ඇය පවසන්නීය.

(2) (3) (4) _______ _____ (8) 5

නාගොඩ - ප්‍රාර්ථනා ලියනගේ

අත් රේන්ද බීරලු කර්මාන්තයෙන් දිවිය ජයගත් කතක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :