සාපෙළ සිසුන්ට ආශිර්වාද පතා පිරිත් දේශනයක්
( චමිල් රූපසිංහ ) 2016-11-24 19:50:10
Comments - 0       Views - 897

 

මෙවර අධ්‍යයන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ආශීර්වාද පතා වරු පිරිත් දේශනයක් අද (24දා) පිළිමතලාව ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලයේදී පැවැත්විණ.

අධ්‍යාපනයෙන් දෙනු ලැබූ දැනීමත් සමගම සිසු දරුවන්ට අධ්‍යාත්මික ගුණ වගාව නැංවිය යුතු බවත් එයින් සිසු දරුවන් ගුණ ගරුකකම් අතින් සර්ව සම්පූර්ණ වීම තුළින් සමාජයට දැනීමෙන් මෙන්ම ආගම දහමට ලැදි දරුවන් පිරිසක් බිහිවනු දැකීම තමාගේ එකම අභිප්‍රාය බවත් විද්‍යාලයේ විදුහල්පති ඊ.ජේ.එම්.පී.ජී.ජී. බණ්ඩාර මහතා පැවසීය.

එමනිසා අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් මෙම පිරිතක් පැවැත්වීමට කටයුතු කළ බව විදුහල්පතිවරයා සඳහන් කළේය.

සාපෙළ සිසුන්ට ආශිර්වාද පතා පිරිත් දේශනයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :